• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් ඉවරයි! කැලණිතිස්ස බලාගාරය වහයි! අරින දිනයක් කියන්නත් බෑලු!

July 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
තෙල් ඉවරයි! කැලණිතිස්ස බලාගාරය වහයි! අරින දිනයක් කියන්නත් බෑලු!
Share on WhatsAppShare on Facebook

නැප්තා ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන් කැලණිතිස්ස ඒකාබද්ධ බලාගාරය සිකුරාදා (22) රාත්‍රියේ ක්‍රියාවිරහිත කර ඇති බව වාර්තා වෙනවා.

මේ වන විටත් සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොකිරීම නිසා නැප්තා ඉන්ධන තොග රට තුළ අවසන් වී ඇති බවයි කියන්නේ.

කැලණිතිස්ස බලාගාරය නැවත ක්‍රියාකරවීමේ දිනයක් නොදන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක ඇන්ඩෲ නවමනී පවසනවා.

“බලාගාරය නැවත විදුලිය උත්පාදනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව විසින් අපට නැප්තා හෝ ඩීසල් ලබා දෙන්න ඕනේ” යි ඔහු පවසා තිබෙනවා.

ඔහු සදහන් කරන්නේ කැලණිතිස්ස බලාගාරය බල ගැන්වීම සඳහා ඩීසල් ලීටර් මිලියනයක් පමණ අවශ්‍ය බවයි.

ඩීසල් ඉන්ධන හිඟය හේතුවෙන් තවත් ඩීසල් බලාගාර කිහිපයක් ද නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ (23) රාත්‍රිය වන විට ද්‍රව ඉන්ධන (HFO, නැප්තා සහ ඩීසල්) මත ක්‍රියාත්මක වන තාප බලාගාරවල ඉන්ධන අවසන් වීමේ අවදානමක් ඇති බව වාර්තා වුණා. දැනට අවශ්‍ය කරන ඉන්ධන (furnace oil) මෙට්‍රික් ටොන් 30,000ක් ගොඩබා තිබෙන බව කියනවා. මෙම බලාගාර දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 2,500ක් අවශ්‍ය බැවින් අදාළ මෙට්‍රික් ටොන් 30,000 ප්‍රමාණවත් වන්නේ දින 12-13ක් සඳහා පමණයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එන්.එස්. ඉලංගකෝන් කියා සිටියේ ලංවිම මේ වන විට පැය තුනක විදුලි කප්පාදුවක් සමඟ තත්ත්වය කළමනාකරණය කරමින් සිටින බවයි.

මේ වන විට ලංවීමට අයත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හැර අනෙකුත් බලාගාර ක්‍රියාත්මක වන්නේ නැහැ.

සංඛ්‍යාලේඛනවලට අනුව රටේ බලශක්ති ඉල්ලුමෙන් 39.6% ක් ජල විදුලියෙන් ද 33.6% ක් තාප (ගල් අඟුරු) බලයෙන් ද උත්පාදනය කරන අතර තාප (තෙල්) විදුලි දායකත්වය දැනට 9.5% ක්.

SendShareShare
Previous Post

සෞඛ්‍ය අමාත්‍යංශය ෆයිසර් එන්නතේ කල් ඉකුත් වන දිනය දික් කරයි! (VIDEO)

Next Post

රනිල් එක්ක ඔට්ටු වෙන්න වෘත්තීය සමිති සැරසෙයි! පුළුල් එකමුතුවකට සූදානම් වෙයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper