• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තා හැමතිස්සෙම කිව්වේ අරගල කරලා ආණ්ඩු පිහිටුවන්න කියලා! ඒ වුණාට ජනාධිපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණය වැරදිලු! අනේ මන්දා මොනවා කියනවද කියලා!

March 21, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
තාත්තා හැමතිස්සෙම කිව්වේ අරගල කරලා ආණ්ඩු පිහිටුවන්න කියලා! ඒ වුණාට ජනාධිපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණය වැරදිලු! අනේ මන්දා මොනවා කියනවද කියලා!
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 20ක් රනිල්ට හෝ සජිත්ට ජන්දය භාවිතා නොකළ බව නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ හිටපු අමාත්‍ය නවින් දිසානායක පවසයි.

හිටපු අමාත්‍ය නවින් දිසානායක මේ බව පැවසුවේ දිවන්ගත ගාමිණි දිසානායකගේ 80 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් කොත්මලේ ජලාශයේ ඉදිරිපිටි පිහිටි ගාමිණි දිසානායක පිළිරුවට පුෂ්ප උපහාර දැක්විමෙන් අනතුරුව පැවති උත්සවයේදිය.

ගාමිණි දිසානායක පදනම මගින් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබු අතර, එම උත්සවයට මහනුවර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පා.ම මයන්ත දිසානායක, මහ සංඝරත්නය, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ලංකා දිසානායක ද සහභාගි වි සිටියහ.

“මම ස්භාවධර්මය විශ්වාස කරනවා. ඒ නිසා ස්භාවධර්මයෙන්ම මාව ගෙදර යැව්වා. නමුත් මගේ පුංචි මල්ලි තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මෙම කාලය අපිට හොද කාලයක් අපේ අඩුපාඩුකම් විශ්ලේෂණය කරන්න, සැලසුම් හදන්න.මගේ ජිවිතේට මේ වගේ යුගයක් දැකලම නෑ , මැතිනියගේ කාලයේ චිත්ත රෙද්ද ගන්න පෝලිම් තිබුණා. ඒකට දැන් ඩිසල්, ගෑස්, පෙට්‍රල් ගන්න පැය ගණන් පෝලිම්වල ඉන්න සිදුවෙලා, මාරම දුකක් ජනතාව විදින්නේ.

එක්සත් ජාතික පක්ෂය කියන විශාල පිගාන දැන් කඩලා තියෙන්නේ, දැන් මේක එකතු කරන්නේ කොහොමද? මේක එකතු කරන එක සෑහෙන්න අමාරු වැඩක්.සමගි ජන බලවේගය තරග කරලා එක්සත් ජාතික පාක්ෂික ජන්ද 90%ක් ගන්නවා, ඉතිරි 10% එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නවා , ඔය 10% න් බැරිද රාජපක්ෂලාගේ ජය පැරදුම තිරණය කරන්න?ඒ නිසා අපි හදිස්සි වෙන්න හොද නෑ, පොඩ්ඩක් ඉවසලා ස්භාවදහමට ඉඩ දෙමු. අපේ සහෝදරකම් තියාගමු.

අද වන විට අපිට විරුද්ධව කටයුතු කළ ජනතාව නැවත අලුතින් හිතනවා. මොකද ඒ අයට මාතෘභුමිය අවශ්‍යයි. මාතෘභුමිය කියන්නේ දේශපාලනය නෙවෙයි, දරුවන්ට රටක් ඉතිරි වෙන්න ඕනි.තරුණ පරම්පරාව දහස් ගණන් රට අතහැරලා යනවා, පාස්පොට් ගන්න දවසට දහසක් දෙදහසක් එනවා. මම කණගාටු වෙනවා අපි එක්සත් ජාතික පක්ෂය විදිහට අපගේ කාර්ය භාරය ඉටු කරලා නෑ. අපිට විශාල කාර්ය භාරයක් තියෙනවා විපක්ෂයක් හැටියට ජනතාවගේ හඩ නංවන්න.මම හිතන්නේ නෑ අපි ඒක කරනවා කියලා.

අපි අතරමං වෙලා, අපි හිතනවා අපි කොහේටද යන්නේ කියලා? අපේ නායකයා කවුද කියලා? සියළු දේටම නායකත්වයක් අවශ්‍යයි.ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට ඇවිල්ලා උද්ඝෝෂණ කරා කියලා ආණ්ඩු වෙනස් වෙන්නේ නෑ. මගේ පියා මට හැමවෙලාවෙම කිව්වේ අරගලයක් කරලා තමයි ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා.ඒ නිසා අපි ජනතාව සමග එකතු වෙලා අරගල කරන්න අවශ්‍යයි. මටත් පොඩි විරාමයක් ජනතාව දුන්නා ඒකට කිසිදු සිත් තැවුලක් නෑ. දැන් ආපසු ගේම් එකට බහිමු. ජනතාව මට ජන්දය ලබාදුන්නේ නෑ කියලා මගේ අමනාපයක් නෑ , ඒක ජනතා අයිතිය.නමුත් එකක් මතක තියා ගන්න එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 20 ක් ජන්දපොළට ගියේ නෑ කියලා. රනිල්ට ජන්දය දුන්නෙත් නෑ, සජිත්ට ජන්දය දුන්නෙත් නෑ. ගෙදරට වෙලා හිටියා.

ඒ නිසා අපි පළමුව කරන්න ඕනි ඒ ජන්ද ලක්ෂ 20 ආපසු ලබා ගන්න එම ජන්ද ලක්ෂ 20 ආපසු ජන්දය ලබාදෙන්නේ නැතුව ගෙදර හිටියොත් වෙන්නේ ආපසු රාජපක්ෂලා ජයගන්න එක. ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් අරගල කරනවා ඒ ගැන කිසිදු සැකයක් නෑ” ලෙස හිටපු අමාත්‍ය නවින් දිසානායක කියා සිටියේය.

සජබය ජනපති කාර්යාලය ඉදිරිපිට තිබූ උද්ඝෝෂණය

ජවිපෙ ජනපති කාර්යාලය ඉදිරිපිට තිබූ උද්ඝෝෂණය

SendShareShare
Previous Post

කිරිපිටි මිල වැඩි කරපු හේතුව මහින්ද පැහැදිලි කරයි!

Next Post

ජනපතිගේ සර්වපාක්ෂික සමුලුවට නොයන්න සජබෙත් තීන්දු කරයි! විශේෂ ලියුමක් ජනපතිට යවන්නත් සැලසුම් කරයි! EXCLUSIVE

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.