ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සුඛෝපභෝගී රථවාහන පාවිච්චි කළ නොහැකි බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ත්‍රිරෝද රථයක නැගී ගමන් කරන ආකාරය පසුගිය දිනෙක දැකගත හැකි විය.
ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාය.
මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ ජනතාවට අසීරු බැවින් ත්‍රිීරෝද රථයේ යාමට පවා අසීරු තත්ත්වයක් උදාවී ඇති බවකි.
කෙසේවෙතත් හර්ෂද සිල්වා මහතා හැමදාම යන්නේ මෙම ත්‍රිරෝද රථයේද, එසේත් නැතිනම් මෙය මාධ්‍ය සංදර්ශනයක්ද යන්න සොයා බැලීමට තව දින කිහිපයක් බලා සිටිය යුතුව ඇත.










