අද (17) සවස 3.30ට ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී කැඳවීමට පියවර ගෙන ඇත.
කෙසේවෙතත් මෙම පක්ෂ නායක රැස්වීමටද පක්ෂ නායකයන් නොවන 37කට ආසන්න පිරිසක් කැඳවා ඇති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව විමල් වීරවංශ මහතා නියෝජනය කරන කණ්ඩායම මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගී වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බවද දැනගන්නට ඇත.
මීට පෙරද අවස්ථා දෙකකදී අගමැතිවරයා කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීම් වෙනත් පාර්ශ්වයන්ටද ආරාධනා කර ඇති බව කියමින් වර්ජනය කිරීමටද විමල් පාර්ශවය පියවර ගෙන තිබිණ.










