මේ වනවිට කොරෝනා තත්ත්වය බරපතළ අතට පෙරළී ඇති බවත්, රෝගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිපල ලබා ගැනීම පවා දැඩි ලෙස ප්‍රමාද වන තත්ත්වයක් මතුවී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශයේ සහාය පවා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට ගත යුතු බවකි.
රෝගීන්ගේ පීසීආර් ප්‍රතිපල ලැබීමට දින දෙක තුනක් පමණ ගත වන බව කී බාලසූරිය මහතා එම දින දෙක තුන තුළද විශාල ලෙස පරීක්ෂණ ගොඩගැසෙන බවද සදහන් කර සිටියේය.










