ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සාදරයෙන් පිළිගනිමින් යුරෝපා සංගමය අද ප්‍රකාශ කළේ අර්බුදයෙන් ශක්තිමත්ව ගොඩ ඒම සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි.
“යුරෝපා සංගම් රාජ්‍යයන් ශ්‍රී ලංකා රජයට මුල්‍ය සම්පාදනය සඳහා කල්තියා සහතිකයක් ලබා දුන් බැවින්, ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගනිති. අර්බුදයෙන් ශක්තිමත්ව ගොඩ ඒම සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. සමාජ ආරක්ෂණය පිළිබඳ නව ප්‍රයත්නයන් ඇතුළුව යුරෝපා සංගමය ශ්‍රී ලාංකිකයින්ට අඛණ්ඩව සහය දක්වනු ඇත, ” යනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමය අද ට්විටර් පණිවුඩයක් නිකුත් කොට තිබිණ.
As EU States gave early financing assurances the 🇱🇰Gov. , @EU_in_Sri_Lanka welcomes progress made on debt restructuring. Reforms are essential to come out of the crisis stronger. The EU will continue supporting Sri Lankans, incl. through renewed efforts on social protection.
— EU in Sri Lanka (@EU_in_Sri_Lanka) March 8, 2023










