ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකම ලබාදීම සඳහා සියලු ණය හිමියන්ගේ සහතිකය අවශ්‍ය බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
පැරිස් ණය දෙන රටවල එකතුවේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අයි.එම්.එෆ්. සංවිධානය මේ බව සදහන් කර ඇත.
ශ්‍රී ලංකාවට සහන සැලසීම සඳහා පැරිස් සමාජයේ රටවල් එකඟවීම ගැන සතුට පළ කරන බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.










