ණය මුදල් ගෙවීම සදහා චීනය විසින් අවුරුදු 2ක සහන කාලයක් ලබා දීමට එකගතාව පළ කරමින් ලංකාවට ලිපියක් යොමු කොට ඇතත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආකාරයේ සහනයක්ද යන්න සැකසහිත බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කීය.
මේ පිළිබදව මූළ්‍ය අරමුදල දක්වන ප්‍රතිචාරය දෙස බලා සිටිය යුතු බවද කී ඒ මහතා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයට සහ ඉන්දියාවට ස්තූතිය පළ කරන බවද කියා සිටියේය.










