ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි තර කරන ලෙසත්, ඒ සදහා විශේෂ කාර්ය බළකාය කැදවන ලෙසත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.
සමස්ත දිවයිනටම බලපාන අයුරින් පසුගියදා හදිසියේ සිදුවූ විදුලි බිදවැටීම පිළිබදව කරුණු සොයා බැලීම පිණිස, විෂයභාර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් අලහප්පරෙුම මහතා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.