දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සේවය කරන මාර්ග සංවර්ධන අධිකාරී සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග අද උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු එම පිවිසුම වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් බස්රථ සහ ගිලන් රථ සඳහා කොට්ටාව පිවිසුම විවෘතව පවතින අතර මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට අතුරුගිරිය සහ කහතුඩුව පිවිසුම් මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටී.
නමුත් එම කවුලු තුළින් ප්‍රවේශපත් නිකුත් නොකරන බවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.










