සෑම ආණ්ඩුවක්ම බලය ලබා ගැනීම සදහා ජාතිවාදය පාවිච්චි කළ බව රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමියෝ පෙන්වා දෙති.
2015න් පසු ජාතිවාදය අහෝසි වී යමින් තිබුණත් නැවත පාස්කු ප්‍රහාරය හරහා සහරාන්ලා ජාතිවාදය නිර්මාණය කළ බවත්, ඒ ජාතිවාදය පැතිරවීමේ කොන්ත්‍රාත්තුව ඥානසාර හිමියන් විසින් සිදු කරන බවත් උන්වහන්සේ පේවා දුන්හ.
මුලින්ම ජාතිවාදය බිහිවුණේ බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගයෙන් බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ ජාතිවාදී සංවිධාන ලේ ඉල්ලන බවත්, බණ්ඩාරනායක මහතා මියගියේ ඒ ජාතිවාදයෙන්ම බවත් කියා සිටියහ.
මුස්ලිම් බඩු වර්ජනය කරන ලෙස කියන සිංහල වෙළෙන්දෝ කෑමට අල-ලූනු-බාස්මතී ගෙන්වන්නේ පකිස්තානෙන් බවත් කියා සිටියහ.










