පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයා වන දමින්ද කුලරත්න මහතාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (12 වැනිදා) තහවුරුවී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා ඊයේ (12 වැනිදා) සවස සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ආරම්භ වී තිබේ.
මීට අමතරව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ලේකම්, අතිරේක ලේකම් සහ සහකාර ලේකම්වරුන් සිව් දෙනෙකුද මේවන විට නිරෝධායනයට යොමු කර ඇති බව පැවසේ.
මේ නිසා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සහ සභානායක කාර්යාලය වසා දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර අද (13 වැනිදා) දවස තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තුන්සියයකගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කෙරෙන බව වාර්තා වේ.
එමෙන්ම පවතින තත්ත්වය හේතුකොටගෙන අද පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද ලබන සදුදා දිනය තෙක් කල් තබා ඇති බව දැනගන්නට තිබේ.










