• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතිය ඇමතීම! බයිඩන්-ගෝඨා-මෝඩි (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

July 3, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ජාතිය ඇමතීම! බයිඩන්-ගෝඨා-මෝඩි (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

මීට මාසයකට පමණ ඉහතදී ඉන්දියාවේ ලක්ෂ ගණන් ජනතාව කොරෝනාවලින් මියයද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා කතා කිරීමට පියවර ගත්තේය. එලෙස ජාතිය අමතද්දී මෝදි කෙතරම් සංවේදී වූවාද කියනවා නම් මියගිය ජනතාවට සිය ශෝකය පළකරද්දී ඔහුගේ දෙනෙතින් කඳුළු කැට කඩාවැටුණේය. එසේ කඳුළු සලමින් රටේ තත්ත්වය පිළිබඳවත් එම ව්‍යසනයෙන් රට මුදාගැනීම පිළිබඳවත් මෝදි කතා කළේය.

පසුදා ඉන්දීය මාධ්‍යවල පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යවල පවා ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ මෝදිගේ මෙම කඳුළු සලමින් ජාතිය ඇමතීමය. හැබැයි ඉන්දියාවේ කිසිදු මාධ්‍යයක් හෝ සමාජ මාධ්‍යයක් මෝදි කඳුළු සලමින් කළ ජාතිය ඇමතීම උපහාසයට අපහාසයට ලක්කරමින් වාර්තා කළේ නැත.

මේ ජාතිය ඇමතීමේදී මෝදි ආරම්භයේ සිට කොරෝනා මර්දනය සඳහා තමන් ගත් ක්‍රියාමාර්ග ජනතාවට එකින් එක පැහැදිලි කළේය. කොරෝනා නිසා ඉන්දියාව ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත්කිරීමට ගෙන තිබූ ක්‍රියාමාර්ග අඩාළ වූ ආකාරය ජනතාවට පෙන්වා දුන්නේය. පසුගිය වසර කිහිපය පුරාම ජනතාවට තමන් කළ වැඩ මතක් කර දීමට මෝදි පියවර ගත්තේය.

හැබැයි මෙහෙම මෝදි කිව්වා කියා පරණ දේවල් කියා මෝදි කයිවාරු ගැහුවා කියාවත්, බොරුවට ඇඬුවා කියාවත් කවුරුත් චෝදනා කරන්නට ගියේ නැත. මොකද ඕනෑම රාජ්‍ය නායකයකු තමන්ගේ ජාතිය ඇමතීමේ කතාවේදී කරන්නේ තමන් මෙතෙක් කල් කළ දේවල් සහ ඉදිරියට කරන්නට යන දේවල් ගැන නිසාය.

මෑතකදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ජාතිය ඇමතීමට පියවර ගත්තේය. බයිඩන්ද තම ජාතිය ඇමතීමේ කතාවේදී කියා සිටියේ තමන් ජනාධිපති වීමෙන් පසු රටට කළ දේවල් සහ ඉදිරියේදී කිරීමට සූදානමින් සිටින දේවල් ගැනය.

මේ බයිඩන් සහ මෝදි කළා වගේම පසුගියදා ලංකාවේ ජනාධිපති ගෝඨාභයද ප්‍රසිද්ධියේම ජාතිය ඇමතීමට පියවර ගත්තේය. ගෝඨාත්, මෝදි සහ බයිඩන් කළා සේම තමන් මෙතෙක් කළ දේවල් සහ තමන් ඉදිරියට කරන්නට යන දේවල් ගැන ජනතාවට කීවා විනා වෙන මොනවත් කියන්නට ගියේ නැත. ගෝඨාත් කීවේ තමන් රට භාරගත්තාට පසු රටට දුන් පොරොන්දු ඉටු කළ ආකාරයත්, ඉදිරියේදී එම පොරොන්දු ඉටුකරන ආකාරයත් පිළිබඳවය. ගෝඨා විතරක් නොව ඩී.එස්.ගේ පටන් ලංකාවේ ජාතිය ඇමතූ හැම රාජ්‍ය නායකයකුම කළේ ඒ ටිකමය.

හැබැයි ගෝඨාගේ ජාතිය ඇමතීමේ වෙනසක් දැකගන්නට තිබිණි. සාමාන්‍යයෙන් මෙතෙක් කල් සිටි බොහෝ රාජ්‍ය නායකයන් තමන්ගේ ජාතිය ඇමතීමේ කතාවේදී කළේ තමන් කරපු දේවල් කියනවාට වඩා විපක්ෂයට බණින එකය. විපක්ෂය විවේචනය කරන එකය. එහෙත් ගෝඨා තම කතාවේ කොයිම තැනකදීවත් විපක්ෂයවත් තමන්ගේ විරුද්ධවාදීන්වත් විවේචනය කරන්නට කටයුතු කළේ නැත. ඔවුන්ට පහරදෙන්නට කටයුතු කළේ නැත. ගෝඨා කළේ තමන්ගේ වැඩපිළිවෙළ යළිත් වතාවක් ජනතාව අතරට ගෙන යෑමය.

ගෝඨාට මෙහෙම කරන්නට හේතු වූ කාරණාද තිබේ. ඒ වෙන මොකක්වත් නොව ගෝඨා පහුගිය අවුරුදු එකහමාරක කාලය තුළ කරපු දේවල් ජනතාව අතරට රැගෙන යෑමට ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ද කටයුතු නොකිරීමය. මැති ඇමැතිවරුන් පමණක් නොව අඩුම තරමින් රාජ්‍ය මාධ්‍යවත් හරියට ගෝඨාගේ වැඩපිළිවෙළ ජනගත කිරීමට මෙතෙක් කටයුතු කර නැත. ඒ නිසා රටේ බර අදිනවාත් එක්කම ගෝඨාට මේ මාධ්‍ය බරත් තමන්ටම ඇදගෙන යෑමට සිදුව තිබේ.

ඒ වගේම ගෝඨා දේශපාලකයන්ට වඩා හමුදාවේ චරිත ළඟට අරගෙන හමුදා නිලධාරීන් සමග රට ආණ්ඩු කිරීමට කටයුතු කරන බවට ලොකු චෝදනාවක්ද එල්ලවී තිබේ. ඒකටද ලොකු හේතුවක් ඇත. ඒ වෙන මොකක්වත් නොව ඒ ඒ තැන්වලට දේශපාලකයන් දාගත්තා නම් ඒ වැඩේ හරියට නොවන බව ගෝඨා අත්දැකීමෙන්ම දැන සිටීමය.

ඒකට හොඳම උදාහරණය එන්නත්කරණ වැඩසටහන්වලදී ප්‍රාදේශීය දේශපාලකයන් සහ පොලිසිය අතරත්, ප්‍රාදේශීය දේශපාලකයන් සහ සෞඛ්‍ය අංශ අතරත් ගැටුම් ඇතිවිය. ඊට අනවශ්‍ය ලෙස දේශපාලකයන් මැදිහත් වී ලකුණු දමාගැනීමට යෑම නිසා බරපතළ ප්‍රශ්න ගණනාවකටම මුහුණ දීමට ආණ්ඩුවට ඉකුත් සති කිහිපය තුළ සිදුවිය. එහිදී ජනතා අප්‍රසාදය මේ ප්‍රාදේශීය දේශපාලකයන්ටත් වඩා යොමු වූයේ ආණ්ඩුව දෙසටය. ගෝඨා මෙම කටයුතුවලට හමුදාව යොදාගෙන ඇත්තේ මේ හේතුව නිසාය. අද හමුදාව ඒ කටයුතු නිවැරැදිව කරන විදියෙන්ම ගෝඨාගේ තීන්දුව නිවැරැදි බව 100%ක්ම මේ වන විට ඔප්පු වී තිබේ.

විපක්ෂයත්, විපක්ෂයට හිතවත් මාධ්‍යයත්, සමාජ මාධ්‍යයත් ගෝඨාගේ තීන්දුවලට සහ ගෝඨාගේ ජාතිය ඇමතීමට හිනා වුණාට ඒ කිසිවක් ගෝඨා ගණන් ගන්නේ නැත්තේ ඒ නිසාය. මොකද ඉදිරියේදී ගෝඨාගේ වැඩ ගැන තීන්දු ගන්නේ මේ මාධ්‍යයවත් විපක්ෂයවත් නොව මේ රටේ ජනතාව බව ගෝඨා හොඳටම දනී.

“මම ගැන තව අවුරුදු 5කින් මේ රටේ ජනතාව තීන්දු කරාවි. ඒ නිසා කවුරු විවේචනය කළත් මම මගේ වැඩපිළිවෙළ ජනතාව අතරට අරගෙන යනවා.”

ගම සමග පිළිසඳරක් වැඩසටහනකදී වරක් ගෝඨා ප්‍රසිද්ධියේම කියා සිටියේ ඒ නිසා විය යුතුය.

ගෝඨා ඒ කී කතාව 100%ක් නිවැරැදිය. මොකද අද කවුරු මොනවා කිව්වත් ඊළඟ ඡන්දයකදී ආණ්ඩුවේ වැඩ ගැන තීන්දු ගන්නේ ඔය කෑගහන කවුරුවත් නොව මේ රටේ මහජනතාවය. ජනතාව කයිවාරුකාරයන්ට කැමැති නැත. ජනතාවට ඕනෑ වැඩ කරන මනුස්සයෙක්ය. විපක්ෂයෙන් සහ සමාජ මධ්‍යවලින් කොපමණ පහර දුන්නද ගෝඨා නිහඬව ඉන්නේ ඒ ඇත්ත හොඳටම දැනගෙන විය යුතුය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මහබැංකුව කඩපු ඇලෝෂියස් රාජපක්ෂලා එක්ක ඩීල් දාලා භාණ්ඩාගාරයත් කඩන්නයි හදන්නේ! අරක්කු හදන්නේ මිලියන 1500ක බද්ද ගෙවන්න අවුරුදු 2ක් කල් අරන්! (VIDEO)

Next Post

ලංකාවේ අපරාධකාරයන් තුන්දෙනෙක් ඉන්දියාවේදී මාට්ටු!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.