රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීම උදෙසා පියවර 9කින් යුක්ත විසදුම් මාලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරනු ලැබීය.
.ණය පැහැර හැරීම් වලක්වා ගැනීමේ සිට පවත්නා වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒම දක්වා ක්‍රමානුකූල විසදුම් මාලාවක් එහි අන්තර්ගත විනි.
කෙසේවෙතත් මෙහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සමග කරන ආණ්ඩුවකට සජබය කිසිදු සහායක් නොදෙන බවකි.
එමෙන්ම ජනාධිපති ක්‍රමය අහෝසි කළ බව කී විපක්ෂනායකවරයා රාජපක්ෂලා නොමැති වැඩපිළිවෙළකට යාමට තම පක්ෂය සූදානම් බවකි.










