• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමනි-අගමැතිතුමනි-මැතිඇමැතිවරුනි-විපක්ෂනායකතුමනි-කෝටිපති ව්‍යාපාරිකයිනි-දෙස් විදෙස් දානපතිතියනි! බිල්ලෑවේ ඉස්කෝලේ මේ අහිංසක ළමයි ඉල්ලන්නේ ඉස්කෝලේ බෑන්ඩ් එකට අවශ්‍ය සංගීත භාණ්ඩ ටික විතරයි! ඒ ටික අරගෙන දුන්නොත් විශාල පිනක්! PHOTOS

March 11, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනාධිපතිතුමනි-අගමැතිතුමනි-මැතිඇමැතිවරුනි-විපක්ෂනායකතුමනි-කෝටිපති ව්‍යාපාරිකයිනි-දෙස් විදෙස් දානපතිතියනි! බිල්ලෑවේ ඉස්කෝලේ මේ අහිංසක ළමයි ඉල්ලන්නේ ඉස්කෝලේ බෑන්ඩ් එකට අවශ්‍ය සංගීත භාණ්ඩ ටික විතරයි! ඒ ටික අරගෙන දුන්නොත් විශාල පිනක්!  PHOTOS
Share on WhatsAppShare on Facebook

අපි මේ නතර වෙන්නේ වෑදිය නිල්ලේ නිල් මානෙල් මල් පොට්ටු එකින් එක ඇහැ ඇරෙන ඉසව්වක. ඈත රත්නමාලි සෑයේ කොත් කැරැල්ල වටා පැදකුණු කරන හුළඟ ඉපදෙනා ඉසව්වක. ජයසිරි මහ බෝධියේ බෝපත් අතර සිලිලාරේ පිරිත් සර මතුරන හුළඟට පාර කියන ඉසව්වක. වනස්පති තුරුගොමු අතර ගජසෙන් සේනා පෙරහැරේ යන ඉසව්වක. මීවද අස්සේ පැණි වැහි වැටෙන ඉසව්වක. මීමොර මල් පෙත පාවඩලන ඉසව්වක. මේ අනුරාධපුරෙන් කිලෝමීටර් 10ක 15ක විතර එපිටට ගියාට පස්සේ හමුවෙන තන්තිරිමලේ. තන්තිරිමලේ බිල්ලෑව පුංචි ඉස්කෝලෙ. මේ ඉස්කෝලෙ කතන්දරය ලියුම්කරු වෙච්ච මමම කිහිප වතාවක් ලියලා තියෙනවා. බිල්ලාවෙ ඉස්කෝලේ ඉන්නේ හොඳ ගුරුවරු. ඒ ගුරුවරු කොච්චර දක්ෂද, ඒ ගුරුවරු මේ දරුවන්ට කොච්චර ආදරේද කියන එක මම මේ විදියට ලියන්නේ ඒ කිසිම ගුරුවරයෙක් මට අඩුම තරමෙන් දුරකතන ඇමතුමක්වත් දීපු නිසා නෙවෙයි. මේවා ලියුම්කරු වෙච්ච මම වටින් පිටින් එකතු කරගත්ත ඒවා. එක වතාවක බිල්ලෑවේ ඉස්කෝලේ ගුරුවරු දරුවොත් එකතු කරගෙන පොත් පහක් එළිදක්වනවා.

මහා සමාජයේ කොළඹ රටේ කඩදාසි හිඟයක් නොතිබ්බ කාලේ ලොකු පොත් මුදලාලිලා අහිංසක දරුවන්ගේ මූණ නොබලපු කාලෙක ඒ දරුවෝ ගුරුවරුත් එක්ක එකතු වෙලා හිතේ හයියයි, ගතේ හයියයි දෙකම අවු කූටේ මහ වැස්සේ දියකර හැරලා තමන්ගේ පළමු පොත් ටික මුද්‍රණය කරනවා. ඒ පොත් එළිදැක්වීමේ මංගල්ලෙ පවත්වන්න බැරි වෙන්නේ හදිසි වෙලාවක කඩාපැන්න කොවිඩ් වසංගතය හින්දා. හැබැයි මේ කොල්ලො කෙල්ලෝ තාමත් ඒ ඉස්කෝලෙ ඇතුළේ ඉගෙන ගන්නවා. මේ ගුරුවරු පුළුවන් විදියට මේ දරු පැටවුන්ගේ ඇස් පාදනවා. මට මේ නම කියන්නම අවශ්‍යයි. එක්කෙනෙක් තමයි ජීවන් කොඩිතුවක්කු කියන ගුරුවරයා. අනුරාධපුරේ ඉන්දික සර්ගේ ගෝලයෙක්. මට මේ කතාව වරක් ඉන්දික සර් කතා කරලා කියනවා.

මේ දරුවන්ගේ ඇස් පාදන්න ඒ ගුරුවරුන්ට තියෙන්නේ පුදුම වුවමනාවක්. ඒ වගේම මේ අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට තියෙන හීන එළිකරන්න අපට පුළුවන් නම් මම හිතන්නේ මේක සාංඝික දාන සීයක් දෙනවට වඩා පිනක් වේවි. මේ කතාව ලියන්නේ මේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අහිංසකම අහිංසක හීනයක් ගැන දැනගන්න ලැබුණට පස්සේ. මේ හීනෙ අහලා හිනාවෙන්න එපා. තාත්තලා, පුතාලා දුවලගෙ හීන දැකලා හිනාවෙන්නේ නෑ. පුංචි දවස්වල ඔයාගෙ ගෙදර ඉන්න දුවට පුතාට මොන මොනවා හරි ගෙනල්ලා දෙන්න කියලා එයා ඔයාට කරදර කරන්න ඇති. ඔයාට තියෙන්නේ ලොකු ගෙදරක් නම්, ලොකු ජීවිතයක් නම්, ලොකුවට සල්ලි බාගෙ තියෙනවා නම් පුතා කරදර කරන්න ඇති තාත්තේ අපි අවුඩියක් ගමු, තාත්තේ අපි බෙන්ස් එකක් ගමු, තාත්තේ අපි ලොකු ඉඩමක් ගමු, තාත්තේ අපි පිටරට යමු කියලා. හැබැයි අපි වගේ අහිංසක මිනිස්සු පුංචි කාලේ තාත්තලට එච්චර ලොකු හීන දුන්නේ නෑ. මොකද අපි එහෙම හීන දැකලා තිබුණේ නෑ.

මට මතකයි මගේ පුංචි කාලේ මට තිබුණු පුංචි හීන අස්සේ තිබුණා කාර් එකක් ගන්න එක. ලයිට් පත්තු වෙන ඔරලෝසුවක් ගන්න එක වගේ හීන. ඒවත් ඉෂ්ට කරගත්තේ අමාරුවෙන්. ඒක අමාරුවෙන් ඉෂ්ට කරගන්න බැරි වුණාම අම්මලා තාත්තලගෙ ඇස් අස්සේ තිබුණු කඳුළු වාසනාවකට හරි, අවාසනාවකට හරි අපි දැක්කේ නෑ. ඒවා හංගගෙන ඒගොල්ලෝ අපට නොපෙනෙන තැන්වල අඬලා බඩට නොකා ඇඟට නොඇඳ පුළුවන් විදියට අපට දේවල් අරන් දුන්නා. බිල්ලෑවේ ඉන්න මිනිස්සු අහිංසකයි කියලා මම කියන්නේ නෑ. බිල්ලෑවේ මිනිස්සු පොහොසත්. හැබැයි ඒ හිතේ හයියෙන්. සල්ලිවලින් පොහොසත් වෙච්ච අපට බිල්ලෑවේ දරුවන්ගේ ඇස් පාදන එකට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. කොහේ හරි තැනක ලෝකේ මේ ලිපිය කියවන කෙනෙක් ඉන්නවා නම් මේ හීන එළිකරන්න පුළුවන් නම් අපට කතා කරන්න. අපි කොන්දේසි විරහිතව ඒ අයට උදව් කරන්න කැමැතියි. මේ දරුවන්ට ආසයිලු බ්‍රාස් බෑන්ඩ් එකකට. නැත්නම් ලොකු ඉස්කෝලවල තියෙන දිලිසෙන බෑන්ඩ් එකකට. දිලිසෙන ලොකු වාදන භාණ්ඩ තියෙන, ඒවට ‘ඩොං’ ‘ඩොං’ ගාලා ගගහා යන, මෙලෝඩිකා වාදනය කරන, විවිධ සංගීත භාණ්ඩ තියෙන සංගීත කණ්ඩායමක් බිල්ලෑවේ ඉස්කෝලෙට දෙන්න කාට හරි පුළුවන් ද?

ලොකු ඉස්ලෝකවලට, ඒ ඉස්කෝලවල ආදිශිෂ්‍යයෝ ඇවිල්ලා මේ වගේ තෑගි දෙනවා අපි දැකලා තියෙනවා. ඒ තෑගි දෙන දවසට ලොකු උත්සව තියෙනවා. ඒ උත්සවවල ලොකු දේවල් සිද්ධ වෙනවා. ඒත් ඉතින් මේ ඉස්කෝලේ එහෙම හීන පුරවන්න පුළුවන් විදියේ ලොකු ආදිශිෂ්‍යයෝ නැතුව ඇති කියලා අපි හිතනවා. සමහර විට එහෙම අය ඇති. එහෙම අය ඉන්නවා නම් ඒගොල්ලෝ හරි කමක් නෑ කාට හරි කොහේ හරි තැනක ඉඳලා මේ දරුවන්ගේ හීන එළිකරන්න පුළුවන් නම් රත්නමාලි මහා සෑය වැන්දා වගේ, ජයසිරි මහා බෝධියට නෙලුම් මල් වට්ටි දාහක් පූජා කළා වගේ පිනක් සිද්ධ වෙයි. මේ දරුවන්ගේ සතුටු කඳුළුම විතරක් ඇති ඔයාගේ හිත පිරෙන්න. මේ පුංචි කොල්ලන්ගේ කෙල්ලන්ගේ හිත් අස්සේ පිපෙන හිනාව ඔබේ හිත පුරවාවි ඔබට මුළු ජීවිත කාලෙ පුරාම සැනසෙන්න. ඒ නිසා කොහේ හරි තැනක පුළුවන් කෙනෙක් අපව කියවනවා නම් අපට කතා කරන්න. අපි දවසක බිල්ලෑවට කදමලු බැඳගෙන තෑගි අරගෙන ඒ දරුවන්ගේ හීන අස්සේ තියෙන බ්‍රාස් බෑන්ඩ් එක හොයාගෙන යමු. ඒ දරුවෝ අපට මී කඩලා, බඩඉරිඟු තම්බලා රහට කෑම හදලා තියයි. අපි ඒ කෑම ඒ දරුවොත් එක්ක බෙදාගෙන කාලා ඒ දරුවන්ගේ හිත් පුරවලා ඒ දරුවන්ගේ ජීවිතවලට සතුට අරගෙන දීලා ආපහු එමු. එන ගමන් රුවන්වැලි සෑය වැඳලා ජයසිරි මහ බෝධියටත් මල් පූජා කරලා, ඕනෙ නම් කලාවැවේ වැව්තාවුල්ලේ ටිකක් නතර වෙලා ඉඳලා වෑදිය නිල්ලේ ඉපදිච්ච හුළං පොදක මිහිර විඳලා අපේ පරණ පුරුදු ජීවිත අස්සට රිංග ගමු. බිල්ලෑවෙ ඉස්කෝලෙ ඈත වනරොද අස්සේ කටුසර මං අස්සේ ඔබයි අපයි තෑගි දුන්න බ්‍රාස් බෑන්ඩ් එකේ හඬ ඇහේවි.

විදුහල්පතිගේ දුරකතන අංක

076 590 5887

071 593 5439

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නිහාල් නෙල්සන් යළි ඉපදෙයි! VIDEO

Next Post

ගමට එන පොහොට්ටු ඇමැතිවරුන්ට හූ තියන රැල්ල ආයෙත් පටන් අරන්! වාරියපොළට ආපු විදුරටයි-හේරත්ටයි ගම්මු හූ තියයි! දැඩි පොලිස් රැකවල් මැද පිටව යයි! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.