• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනමතයත් එක්ක ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා! කොමිසමත් ඉන්නේ ආණ්ඩුවත් එක්ක කුමන්ත්‍රණයක! ඡන්දෙ කල්දාන්න ලෑස්ති වුණොත් ඒක පරද්දන්න අපි සූදානම්! (VIDEO)

December 31, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් ගෙනාපු අයවැයේ ලබන අවුරුද්දට වියදම බිලියන 7900යි! ඡන්දෙ තියන්න බිලියන 10ක් නෑලු! රනිල් ආපු දවසෙ ඉඳන් ගහපු ගැහිලි ටිකත් අනුර එළියට දායි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කරගැනීමේ මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කුමන උත්සාහයන් දරුවත් තමන් ඊට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා. මේ මොහොතේ මේ රටේ ඇත්ත ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම සූක්‍ෂමව ක්‍රියාත්මක කරමින් සිටින බවයි ඔහු කියන්නේ.

“පළාත් පාලන අලුත් ආයතන 2022 මාර්තු 20 වන විට පිහිටුවිය යුතුව තිබුණා. නමුත් විෂය බාර ඇමතිවරයාට පැවරී තිබෙන බලතල උපයෝගී කරගෙන ආයතනවල කාලය තවත් අවුරුද්දකින් දීර්ඝ කළා. මේ පවතින පළාත් පාලන ආයතනවල වලංගු කාලය අවුරුදු 04ක් වුණත් දැන් අවුරුදු 05ක් සම්පූර්ණ වී තිබෙනවා. මේ නිසා ජනතාවට තමන්ගේ නියෝජිතයන් පළාත් පාලන ආයතනවලට පත්කර ගැනීමේ අවස්ථාව නොදී කල් දාන්න විවිධ උපක්‍රම ආණ්ඩුවෙන් අනුගමනය කරමින් සිටිනවා.

මේ මොහොතේ මේ රටේ ඇත්ත ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම සූක්‍ෂමව ක්‍රියාත්මක කරමින් සිටිනවා.

එයට අමතරව පාලකයන් තවත් ගැටලුවකට මුහුණ දෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති සහ පොහොට්ටුවේ ආණ්ඩුව වෙන වෙනම තරග කරනවාද, සන්ධානයක් ලෙස එකට තරග කරනවාද යන ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා මැතිවරණය කල් දාන්න ඔවුන් දිගටම උත්සාහ කරනවා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය පසුගිය සැප්තැම්බර් 20වැනිදා මැතිවරණ කොමිසමට ලැබුණා. නාමයෝජනා කැඳවා ඉන් පසුව මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කර ලබන මාර්තු 20වැනි දිනට පෙර පළාත් පාලන ආයතන පිහිටුවා රැස්විය යුතු බව මැතිවරණ කොමිසම දන්නවා. මේ නිසා කොමිසම පැත්තෙන් උපරිම කල් දැමිය හැකි දිනය ජනවාරි 09වැනිදා. පුංචිහේවාත් මැතිවරණ කොමිසමත් මැතිවරණය පැවැත්වීමේ දිනය ජනවාරි 09වැනිදා ප්‍රකාශයට පත්කරන්නේ සද්භාවයෙන් නොවේ; ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් මැතිවරණය කල් දැමීමේ කවර හෝ අවස්ථාවක් අවසාන මොහොත දක්වා ලබාදීමටයි.

ජනවාරි 05වැනිදා මැතිවරණ පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා. අන්තිම දිනය දක්වා රනිල්ටත් මේ ආණ්ඩුවටත් මැතිවරණය කල් දැමීමට අදාළ ඕනෑම කුමන්ත්‍රණයක් දියත් කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

සීමා නිර්ණය, මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි විවිධ නීතිමය උපක්‍රම මැතිවරණය කල් දමා ගැනීමට යොදාගන්න උත්සාහ කළා. ඒ තුළින් කොමිසම බිත්තියට හේත්තු වීම දක්වා ඇවිත් තිබෙනවා. නැවත කල් දැමීමක් කරන්න බැහැ. නමුත් නාම යෝජනා බාරගෙන ඡන්දය කල් දැමීමේ උත්සාහයක් ගැන නැවත කසුකුසුවක් යනවා. ජනතාවගේ ජනමතය එක්ක විවිධාකාරයේ ගේම්, සූදු, සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහටත් ආණ්ඩුවටත් අපි අවධාරණය කරනවා.

ජනතාවගේ නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව අහුරන්න මෙවැනි නායකයෙකුට අපි කිසි සේත්ම ඉඩ නොදෙන බව සහතික කරනවා” යි පළාත් පාලන ඡන්දය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රකාශ කරනවා.

SendShareShare
Previous Post

ඡන්ද ගැසට් එක ගහන්න ඉන්නේ 5 වැනිදා! 17 වැනිදාට කැඳවන්න තිබූ පාර්ලිමේන්තුව හදිසියේම 5 වැනිදාට කැඳවයි! ආණ්ඩුව ඡන්දෙ කල්දාගන්න අන්තිම ගේම ගහන්නද ලෑස්ති වෙන්නේ?

Next Post

1953 හර්තාලය! 1973 ඩඩ්ලි මරණය! 1983 කළු ජූලිය! 1993 ප්‍රේමදාස-ලලිත් ඝාතනය! 2003 රනිල්ගේ ආණ්ඩුවේ වැටීම! 2023? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.