• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති මිහින්තලේ වැඳ පුදා ගනී

October 25, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනපති මිහින්තලේ වැඳ පුදා ගනී
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

මිහිඳු මහා රහතන්වහන්සේ පිරිනිවන් පෑ දවස සිහිගන්වන 2280 වැනි මිහිඳු පුර අටවක පොහොය 23 යෙදී තිබිණ. එය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඊයේ 24 පස්වරුවේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කරනු ලැබීය.

මිහින්තලා පුද බිමට පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හා මිහිඳු මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ශෛලමය කරඬුව ක්‍රි.පු 03 වන සියවසට අයත් බව සැලකේ. බැතිමතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුසු පරිදි ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මන්දිරය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළහි එක් අදියරකි.

මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාදස්පර්ශය සිදුවූ ස්ථානය සේ සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.

ක්‍රි.පූ 200-210 අතර කාලයේ රජ කළ දෙවනපෑතිස්ස රජතුමාගේ බාල සොහොයුරු උපතිස්ස රජු විසින් මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිධන් කොට මිහිඳු මහා සෑය ඉදිකළ බව මහා වංශයේ සඳහන් වේ. මෙරට ඇති සෑ රදුන් අතරින් පැරණිතම චෙත්‍යයක් ලෙස මිහිඳු මහා සෑය සලකනු ලැබේ. දීර්ඝ කාලයක සිට නටඹුන්ව ඇති මිහිඳු මහා සෑය පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් ප්‍රතිසංස්කරණය අද ආරම්භ විය. එහි ප්‍රතිසංස්කරණ ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ භාවනානුයෝගීව වැඩ හිදි බවට විශ්වාස කෙරෙන මිහිඳු ගුහාව හෙවත් මිහිඳු ලෙණ පිහිටි ස්ථානයට ළඟාවීමට ඇති මාර්ගයේ ශෛලමය පිය ගැට පෙළ ඉදිකිරීම ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ශ්‍රම දායකත්වයෙන් ඊට සහාය වෙති.

මිහිඳු මහා සෑය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිතුමා සෑ රදුන් අභියස පැවති ආගමික උත්සවයට සහභාගී විය. එහිදී අනුශාසනා කළ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සී හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි නිදහස් පරිසරයක් සහිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ජනාධිපතිතුමාට සහාය විය යුතු බව සඳහන් කළහ.

ශ්‍රේෂ්ඨ නායකයෙක් රට භාරගෙන ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ සියලු මතවාද, මතභේද අතහැර ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව රට ගොඩනැගීමට සක්‍රීය ව දායක විය යුතු බව අවධාරණය කළහ.

තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරු හා ජනතා නියෝජිතයන්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා ආරක්ෂක ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවටත් කොරෝනා

Next Post

මෛත්‍රී එක පාස්කු වාර්තාවක් පිළිනොගනී

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.