• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාව පිට බදු නොගසා ආදායම් හොයන අලුත් ක්‍රම ගැන පාඩමක් මරික්කාර් ආණ්ඩුවට උගන්වයි! ජනතාව පීඩාවට පත් කරන්න ආණ්ඩුව ගෙනෙන බදු පනත් සම්මත කරන්න අපි නම් ජන්දෙ දෙන්නෙ නෑ! (VIDEO)

October 27, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
හැරෙන තැපෑලෙන් වාසුගේ රෙදි ගැලවෙයි! සජබෙ ගේන්න හදන විශ්වාසභංගයට තාම අස්සන් කරලත් නෑ! ගෝඨා ගෙදර යවන දෝෂාභියෝගයට අස්සන තියන්නත් අභියෝගයක්! බැසිල් එක්ක දාපු ඩීලුත් එළියට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතාව පීඩනයට පත්කරන බදු අය කරනගන්නවා වෙනුවට නව ක්‍රමවේදයන් ඔස්සේ බදු ආදායම් උපදවා ගත හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පළ කළ අදහස් මෙසේය.

මේ මොහොතේ මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විවිධ අය විවිධ විසඳුම් යෝජනා කරනවා. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ තනතුරට පත් වුණායින් පස්සේ ඔහුට තිබෙන ජාත්‍යන්තර සම්බන්ධතා හරහා මේ ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන්, ඒ වගේම පිටරටවල් ඔක්කොම පෝලිමේ ඇවිල්ලා ඔහුට උදව් කරන්න බලාගෙන ඉන්නවා, ඔහුව ආපු ගමන් ඔක්කොමල සල්ලි ගෙනල්ලා දෙනවා, ණය ටික කපා හරිනවා, ඒකෙන් මේ ආර්ථික අර්බුදය ගොඩදාන්න පුලුවන් කියන තමයි යම් යම් අය සමාජ මතයක් නිර්මාණය කෙරුවේ. නමුත් මේ ආර්ථික අර්බුදය ජයග්‍රහණය කර ගැනීම සඳහා වූ සීමාසහිත ක්‍රමවේදයන් කිහිපයයි තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕන අපි මේ ආර්ථික අර්බුදයෙන් ගිලිලා තියෙන්නෙ, අපි දිගින් දිගටම ප්‍රකාශ කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච ගමන් බදු සහන ලබාදීම හරහා රාජ්‍ය ආදායම නැති කර ගැනීම සම්බන්ධව . අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ ආණ්ඩුව කෙටිකාලීන ඉහළ පොලී අගයන්ට ණය ලබාගෙන විවිධ ව්‍යාපෘති කෙරුවා රජයට කිසිම ආදායමක් නොලැබෙන, එතකොට ඒවායේ වාරික ගෙවන්න වෙලා තියෙනවා.

ඒ නිසා අපිට මේකෙන් ගොඩ යන්න නම් ක්‍රම කීපයයි තියෙන්නේ.
පළවෙනි එක ණය ප්රතිව්යුහගත කරන්න ඕන, ඔව් අපිට ණය ගෙවන්න හැකියාවක් නැති නිසා.
දෙවෙනි එක තමයි ණය ගෙවීමේ සහ ජනතාවට සහන ලබාදීමේ හැකියාව ලබා ගැනීම සඳහා රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕන. වැඩි කරගැනීම සඳහා වික්‍රමසිංහ මහත්මයා අනුගමනය කරන්නේ අසීමිත බදු බරක් ජනතාව මත පැටවීම සහ ,විකුණන් කෑම වගේ දෙයක් නං ඒක “වික්කමසිංහ ” වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. අපිට පේන්නේ නෑ දීර්ඝකාලීන ඉලක්කයක් සහිතව අලුත් ආදායම් මාර්ග ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවා කියලා. දැන ලෝකයේ අධ්‍යාපනය කියන්නේ හොඳ වෙළඳ පොළක්. අපි ඒ වෙළඳපොළට ඇතුළත් වෙලා නැහැ.
ඊළඟට medical tourism. පෞද්ගලික රෝහල් සඳහා මේ කලාපය හොඳ වෙළඳ පොළක්. අපි ඒකට ඇතුලත් වෙන්න හොඳ උත්සාහයක් ගන්න පාටක් පේන්න නැහැ. ඒවගේම wildlife tourism. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා අලුත් ආදායම් මාර්ග හොයන්න. අසල්වැසි ඉන්දියාව ඔවුන්ට තෙල් සම්පත නැති වුණාට, සවුදි අරාබියාව අවුරුද්දකට තෙල් වලින් හොයන ඩොලර් බිලියන එකසිය තිහකට වැඩි මුදලක් තොරතුරු තාක්ෂණය හරහා ඉන්දියාව හොයනවා.ඒ වගේ තොරතුරු තාක්ෂණය වෙළඳපොළට අපි ඇතුළත් වෙලා තියනවද කියන එක ප්‍රශ්නයක්. පැහැදිලිවම කෙටිකාලීන , මැද කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් මේකට එන්න ඕන.

අපිට පේනවා වික්‍රමසිංහ මහත්මයා කෙටිකාලීන, උහුලා ගන්න බැරි, බරක් ජනතාවට පටවමින් යන විසඳුමක් තමයි පේන්නේ.ඒ නිසා අලුතෙන් ඔක්තෝම්බර් මාසේ පළවෙනිදා ඉඳලා payee tax එකට අඳුන්වලා දීලා තියෙන බදු ප්‍රතිශතය මේ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට දරාගන්න බැහැ. මොකද හේතුව අද වෙනකොට 2019 ට සාපේක්ෂව බඩු මිල දෙතුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ආදායම ඉහළ ගිහිල්ලා නැහැ. එතනම ආදායම් වියදම් පරතරය හැකිලිලා තියෙන්නේ. සාධාරණව කල්පනා කරල බලන්න මේ බදු ගෙවන්න පුලුවන්ද කියලා.
දැන් රුපියල් එක්ලක්ෂ පනස්දාහක් ගන්න කෙනෙක් සැප්තැම්බර් මාසේ වෙනකන් බදු ගෙව්වේ නෑ. අලුත් බද්ද අනුව තුන් ලක්ෂ පනස් දහසකට දාලා තියෙනවා.
ඊළඟට ලක්ෂ දෙකහමාරක් ගන්න කෙනෙකුට බද්දක් තිබුණේ නෑ. එයාට රුපියල් විසි එක්දාහක බද්දක් දාලා තියෙනවා. රුපියල් ලක්ෂ තුනක් ගන්න කෙනෙක් මෙතෙක් ගෙව්වේ රුපියල් 3000/-. දැන් ඔහුගේ බද්ද රුපියල් 35000/- දක්වා දහ ගුණයකින් වැඩිකරලා.රුපියල් හය දාහක් ගෙව්ව කෙනෙක් 52,000 කින් විතර වැඩි වෙලා හත් ගුණයකින් විතර වැඩි වෙලා. එතකොට මේක ගෙවන්න පුලුවන්ද. 9000/- ගෙවපු කෙනෙක් හැත්ත දාහක බද්දක් ගෙවනවා. ආදායම එකම තැන තියෙනවා වියදම වැඩි වෙලා තියෙනවා. ඒක උඩින් බද්දත් වැඩි කරහම බඩගින්නෙ ඉන්න විතරක් නෙමෙයි ළමයින්ට උගන්නන්න ඉස්කෝලේ යවන්න බැරි එක වත් කරන්න බැරි තත්වයකට පත් වෙනවා. මේ මාධ්‍යවේදී මහත් වූ වුණත් තමුන්නාන්සේලා දන්නවා සෘජු බදු අඩුවෙලා වක්‍ර බදු වැඩි කරලා තිබ්බා . ඒ වක්‍ර බදු වල විපාකය ගෙවන ගමන් සෘජු බදු වලට මෙච්චර ප්‍රමාණයක් ඇතුලත් කරහම මොකක්ද වෙන්නෙ. සම්පූර්ණයෙන් corporate sector එකේ ඉන්න විගණනයට ලක්වන කොම්පැනි වලින් බදු ගෙවයි. හැබැයි ඊට පල්ලෙහා තියෙන සාමාන්‍ය ව්‍යාපාරිකයින් මේ බදු ගෙවන එක අතාරිනවා. බදු ගෙවන එක පැහැර පැහැර හැරීම සම්බන්ධයෙන් දැනට බදුගෙවන අයව පැහැර හැරීම සඳහා යොමු කරනවා. අනිත් පැත්තෙන් කිසිම දෙයක් කරකියාගත නොහැකිව සැලරි එක එද්දිම payee tax එක කැපෙන කණ්ඩායම මිරිකලා ඔවුන්ගේ ලේ මසුරා වන තත්ත්වයකට මේ රජය පත්වෙලා තියනවා.
20018-2019ආණ්ඩු කාලයේ තිබ්බෙ කොහොමද මේක කියලා බලමු.
150,000 /- ගන්න කෙනෙකුට රුපියල් 2000/-
200000/- පඩි ගන්න කෙනෙකුට රුපියල් 6000/-
ලක්ෂ දෙකහමාරක් පඩි පඩි ගන්න කෙනෙකුට රුපියල් 12000/-
ඒ කාලේ මිනිස්සු බදු ගෙව්වා.
උදාහරණයකට රුපියල් ලක්ෂ තුනක් පඩි ගන්න කෙනෙක් දැන් ගෙවන්නේ රුපියල් 3000/- . ඒක මදි ඒක වැඩි කරන්න ඕනේ තර්කයක් නැහැ. 2019 දී ඔහු ගෙව්වේ රුපියල් 20000/-
දැන් යෝජනා කරලා තියෙනවා රුපියල් 35000/- දැන් වැඩි වෙච්ච බඩු මිලට වියදම් කරන්න ඕන ගානට අතිරේකව තව රුපියල් තිස් එක්දාහක් රජයට හැම මාසෙම බදු ගෙවන්න ඕන.
වැඩි කළ යුතුයි * වැඩි කිරීම සාධාරණද.
මධ්‍යම පාන්තික ජනතාවට මේක ගෙවන්න බෑ වික්‍රමසිංහ මහත්මයා කෙලවගන්න මේකෙන් තමයි.
මේක ගැසට් ුවක් පමණයි දාල තියෙන්නේ මේක පාර්ලිමේන්තුවට දාන්න ඕන. මේක පාර්ලිමේන්තුවට දැම්මොත් මේ බදු ප්‍රතිශතයට අපි ඡන්දය දෙන්නේ නැත.
අපි ප්‍රතිපත්තියක ඉන්නවා ගෝඨාභය අඩු කරපුහාම ඒක අනවශ්‍ය විදිහට අඩු කරා කියලා අපි කිව්වා. බදු වැඩි වැඩි කිරීම කරන්න ඕන සාධාරණ ප්‍රතිශතයකින් කරන්ඩ ඕන. මේ ප්‍රතිශතය දරාගන්න බැහැ. ඒ නිසා මේක පරාජයට පත් කරනවා මේක reverse කරල ගෙනාවේ නැත්නම්. ආණ්ඩුවට කියනවා පුලුවන්නම් පොහොට්ටුව ඉන්න අමානුෂික ජනතාවගේ දුක තේරෙන්නේ නැති ජනතාව ගැන හැඟීමක් නැති අයෙක් එකතුවෙලා තමුන්නාන්සේලා සම්මත කරගන්න උත්සාහ කරන්න කියලා අපි කියන්න කැමතියි. පොහොට්ටුවේ ත්‍රාඩ යෝ එක්ක එකතුවෙලා මේක සම්මත කරගත්තොත් අපි මධ්‍යම පාන්තිකයන් එක්ක ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිකාව රැක ගැනීම වෙනුවෙන් අපි පාරට බහින එක බහිනවාමයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති උනහම කට්ටිය හිතුවා සහ රනිල් ගොඩ යයි. එක්සත් ජාතික පක්ෂය ගොඩයයි . සජබ කෙලවෙයි. පළාත් පාලන මැතිවරණය ඇමැතිවරයා අවුරුද්දක් කල් දාලා තියෙනවා. සැප්තැම්බර් 30 න් පස්සේ මැතිවරණ කොමිසමට බලය ලැබිලා තියෙනවා මේ පළාත් පාලන මැතිවරණය තියන්න. මාර්තු 25 ට කලින් කියන්න ඕන. මැතිවරණ කොමිසම පවසන පරිදි මේ අවුරුද්දේ චන්ද හිමි නාමලේඛනය complete වෙනවා ඔක්තෝම්බර් මාසේ 31 වෙද්දී . මේ අවුරුද්දේ අලුතෙන් ඡන්ද නාම ලේඛනයට ඇතුළත් වුණා අයට ඡන්දය පාවිච්චි කළ හැකි වන පරිදි මැතිවරණය කැඳවන බවට ඔවුන් පවසනවා. ඒ අනුව අපට පෙනී යනවා නොවැම්බර් මැද හරියෙදි මේක කැඳවනවා කියලා. කැඳවලා ජනවාරි අග විතර මැතිවරණය තියන්න ඕන. අලුතෙන් ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පක්ෂය එයට අපේක්ෂකයෝ අටදාහක් හොයාගන්න බැහැ. හාරදාහක් ඡන්දෙ ඉල්ලන්න දාන්ඩ ඕන හාරදාහක් ලිස්ට් එකට දාන්න ඕන. ඉන්නෙත් මන්ත්‍රීවරු මන්ත්‍රීවරු දෙදහයි ද කොහෙද ඒකෙනුත් එක්දහස් පන්සියයක් විතර ඉන්නේ අපිත් එක්ක. සදා හොයාගන්න බැරි හින්දා මෙයා දැන් කියනවා නින්දෙන් නැගිටලා වගේ මීළඟ මැතිවරණයට කලින් මේ 8000 , 4000ට බස්සනව කියල. 2015දී ඡන්දය අවුරුදු 3 කල් දාලා 2018දී ඉල්ලගෙන කෑවා. මෙදාපාර ව්‍යවස්තාවේ ඒකට ප්‍රතිපාදන අඩුයි. අපිට ආරංචි වෙනවා මහින්ද දේශප්‍රිය මහත්මයා නැවත මැතිවරණ කොමිසමට ගේන්න ඕන කියලා කතාවක් හදාගෙන යනවා. එතුමා මැතිවරණ කොමිසමට එන එකට හැමෝම කැමති වෙන හින්ද ජනප්‍රිය මාතෘකාවක්. එහෙම වෙන්න නම් මේ සම්මත වෙච්ච විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කථානායකතුමා අත්සන් කරලා කවුන්සිලයක් පත්කරලා ඊට පස්සේ ඒ කවුන්සිලය හරහා මැතිවරණ කොමිසමක් පත් කරන්න ඕන. ඒක දළ වශයෙන් මාස හතරක පහක process එකක්.
තව එකක් මැතිවරණයකට මෙච්චර මුදලක් වියදම් වෙනවා කියලා තව එකක් ගේන්න යනවා. මේ වෙලාවේ දරන්න බැහැ කියලා. මැතිවරණයකට මුදල් යනවනං අර්බුදකාරී අර්බුදකාරි අවස්ථාවේ ජාත්‍යන්තර ආයතන වල ආධාර උපකාර මැතිවරණ පැවැත්වීම සඳහා දෙන ක්‍රම තියෙනවා. මේ ජනාධිපති රජාණෝ මතයක් නෑ නෑ-පාර්ලිමේන්තුව ජනමතයක් නෑ. ප්රතිව්යුහගත කරන්නත් මේ හැමදේටම ජනමතයක් අවශ්‍ය වෙනවා ඒ ගොළු මැන්ඩේට් එකක් ඉල්ලනවා. අපි ඡන්දයක් තියලා ජන මතයක් ප්‍රකාශ කරන්නැතුව හිටියොත් මේ ප්‍රශ්න එන්න එන්න ඔඩු දුවනවා. වියදමක් කරලා හරි ජනමතයක් පෙන්නුවොත් තමයි ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියන්නට කැමතියි අපේක්ෂකයෝ නැත්නං ඡන්දය නො ඉල්ල ඉන්න. 2020 ගෙදර යැව්වම ගෙදරට වෙලා හිටිය නේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගන්න ලෑස්ති වෙන්න එපා .

SendShareShare
Previous Post

අසාධාරණයි! අයුක්ති සහගතයි! වසන්ත මුදලිගේ-සිරිධම්ම හිමි මෙහෙම තියන් ඉන්න බෑ! මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරයි! සභාපති විනිසුරුවරිය අස්සන් කරයි!

Next Post

යාල සිද්ධියට කැබිනට් ඇමැති පුතෙක් සම්බන්ධයි! වනජීවිය ඒක වහන්නයි හදන්නේ! මේ ඇමැති පුතා මීට කලිනුත් මෙහෙම කැලෑ පැනලා තියෙනවා! පුබුදු ජාගොඩ කෙළින්ම කියයි!

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.