මහ මැතිවරණය පැවැත්වීමට නියමිත එළඹෙන 14 වැනිදාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.Sri Lanka Latest News
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මීළඟ ණය වාරිකය මුල්කරගෙන සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
ඊට අමතරව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එම සාකච්ඡාවලදී පැහැදිලි විස්තරයක් ලබාගැනීමටද මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
දැනටමත් ආණ්ඩුවේ පැත්තෙන් ප්‍රකාශ වී ඇත්තේ මූල්‍ය අරමුදලත් සමග ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව තවදුරටත් ඉදිරියට යෑමට වත්මන් ආණ්ඩුවද සූදානම් බවකි.
ඒ බව ඉකුත්දා වොෂින්ටනයේදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවලදී මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දැනුම් දීමටද පියවර ගෙන තිබිණි.










