අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තුව හමුවේ නැගී සිටිමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙසය.
ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා, අද පස්වරු 2ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා බව සඳහන් කළේය.










