පළාත් පලාන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින්ට ලබන අඟහරුවාදා දිනයේ මැතිවරණ කොමිෂන් සභාව කැඳවීමක් සිදුකර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය යි.
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීමට නියමිතව තිබේ.










