චීන පොහොරවලට අනිවාර්යෙන්ම ඩොලර් මිලියන 9ක් ගෙවීමට සිදුවන බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දුන්නේ පොහොරවල පරීක්ෂණ වාර්තා පැමිණීමට පෙර ණයවර ලිපි විවෘත කොට ඇති බවත්, රජයේ පොහොර සමාගමේ අඩුපාඩු ඊට බලපා ඇති බවත් දැන් කිසිවක් කිරීමට නොහැකි බවය.
බැංකුව ණයවර ලිපි විවෘත කිරීමේදී විස්තරාත්මක තොරතුරු වාර්තා නොවන බවත්, ප්‍රමිති වාර්තාව පැමිණ ඇත්තේ ඊට පසුව බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
වාරණ නියෝගයක් හේතුවෙන් අදාළ මුදල ගෙවීමට නොහැකි වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා අධිකරණයට නොගියේ නම් දැනටමත් මුදල් ගෙවා ඇති බවද ඒ මහතා කීය.
චීන තහනම හේතුවෙන් යම් අර්බුදයක් මතුවිය හැකි බවද කොඩිතුක්කු මහතා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් මහජන බැංකුව අත කිසිදු වැරද්දක් නොමැති බවද කොඩිතුවක්කු මහතා කීය.
චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.










