චැනල් ෆෝ නාළිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ වීඩියෝව පිළිබදව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව ඇස්බැන්දුමක් බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ.
කළුතර පැවැති දේවමෙහෙයකදී අදහස් පළ කළ උන්වහන්සේ කියා සිටියේ මීට පෙරද මෙවැනිම කමිටු කිහිපයක් පත් කළද ඉන් කිසිවක් සිදුව නැති බවකි.










