තමන් අමාත්‍ය ධූරය දරන සමයේ ඉදිකිරීම් ආරම්භ කළ අරුවක්කාළු කසල අංගණයේ වැඩ යළි ආරම්භ කිරීමට ගෝඨාභය රාජපක්ෂ රජය තීන්දු කිරීම ඉතා යහපත් ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් කළත් කවුරු කළත් අරුවක්කාළු කසල අංගණය ඉදිකිරීම රටට අත්‍යවශ්‍ය බවකි.










