• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්දිත දොස්තර මහත්තයෝ, අඳුරට වඩා ඉටි පහනත් මරු! Sri Lanka Latest News

May 10, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
චන්දිත දොස්තර මහත්තයෝ, අඳුරට වඩා ඉටි පහනත් මරු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ කාව්‍ය සම්ප්‍රදායන් කීපයක් ක්‍රියාත්මක වෙනවා. එය අතරින් සඳැස් සම්ප්‍රදායට වඩා ජනතාව අතර ප්‍රකට වෙලා තියෙන්නේ නිසඳැස් සම්ප්‍රදාය. ජී.බී. සෙනානායකලා, සිරි ගුණසිංහලා විසින් ආරම්භ කරන ලද මේ සම්ප්‍රදාය 1979 ගණන්වලදී වඩාත් වැඩි වර්ධනයකට ලක්වුණා. පසුකාලීනව සමාජ මාධ්‍ය බිහිවුණාට පස්සේ එහි වාසය කරන කවියන් තමන්ගේ නිර්මාණ සඳහා යොදාගත්තේ මේ නිසඳැස් සම්ප්‍රදාය. ඒකට හේතු කීපයක් තියෙන්න ඇති. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිටුවක කවියක් පළකරද්දී. ඊට වඩාත්ම හොඳින් ගැළපෙන ක්‍රමය විදිහට තෝරගන්න පුළුවන් වුණේ නිසඳැස් ක්‍රමය. ඒ වගේම කවියෙක්ගේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න ඔවුන්ට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන් වුණා. එළි වැටකට හෝ එළි සමයකට හිරවෙන්නේ නැතුව විරිතක සම්ප්‍රදායන් රකින්නට කාලය මිඩංගු කරන්නේ නැතුව බොහෝ කවියෝ නිදහසේ තමන්ගේ හැඟීම් පිටකළා.

මට කොළඹ ජාතික රෝහලේ රාජකාරි කරන වෛද්‍ය චන්දිත අමරසිංහව දැනෙන්නෙත් ඒ විදිහට. ඔහුගේ කවි සඳහා භාවිත කරන්නේ ඉතාම සරල සාමාන්‍ය සම්ප්‍රදායන්. ඒවායේ අනුභූතීන් ලෙස ඔහු තෝරාගෙන තියෙන්නේ තැනක දකින පින්තූරයක්. එහෙම නැත්නම් ඔහුට ඇහෙන, දකින ඉතාම සරල සිද්ධියක්. අලුත් පරම්පරාවේ කවියන්ගේ අපි දකින සුලබ ලක්ෂණයක් මෙන්න මේක. පෙර සම්ප්‍රදායන්වල කවියන් විසින් තමන්ගේ කවි සඳහා ඉතා සංකීර්ණ අනුභූතීන් සපයා ගත්තත් ඒ කවි ජනතාව අතරට යාම පිළිබඳ ප්‍රශ්නය ඇතිවෙන්න ඉඩ තිබුණා. මොකද ඒකට හේතුව වුණේ නිර්මාණය පාඨකයාට වඩා බොහෝ ඈතින් තියෙනකොට පාඨකයා වෙහෙසට පත්වන නිසා. නමුත් නව පරම්පරාවේ මේ කවි ක්‍රමය සරල සහ පහසු එකක්. නිර්මාණකරුවාට වගේම පාඨකයාටත් ඒ තරම් අපහසුවක් නෑ. වෛද්‍ය චන්දිතගේ කවිවල ඔහු භාවිත කරන්නේ සාමාන්‍ය ග්‍රාම්‍ය භාෂාවක්. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේ භාෂාව ග්‍රාම්‍ය භාෂාවක් විදියට නම් කළාම එය ඔහුගේ නිර්මාණය හෑල්ලු කිරීමක් කියලා. ඇත්තටම නිර්මාණයකට අවශ්‍ය වන්නෙත් සරල සාමාන්‍ය ගැමි බසක් තමයි. එයට හේතුව ලංකාවේ පාඨකයන්ගෙන් අතිශය බහුතරය සාමාන්‍ය මිනිස්සු වීම. අතිශය ප්‍රබල සංකීර්ණ භාෂා භාවිත කිරීමෙන් කවියා සහ පාඨකයා අතර විශාල හිස්තැනක් නිර්මාණය වෙනවා. එය පරතරයක් බවට පත්වෙනවා. ඒ නිසාම නිර්මාණකරුවා ජනතාවගෙන් ඈත් වෙනවා. Sri Lanka Latest News

රසවිඳින්නා රසවිඳීම පැත්තක තියලා වෙන වැඩක් කරගන්නවා. ඒක නිසා මම විශ්වාස කරනවා නිර්මාණයක් දොඩම් ගෙඩියක් වාගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ නිර්මාණයක් දෙළුම් ගෙඩියක් වගේ නෙවෙයි තියෙන්න ඕනේ. දොඩම් ගෙඩිය පොත්තේ ඉඳලම පැඟිරි රස තියෙනවා. පේර ගෙඩියක් නම් හපාගත්තු ගමන් කන්න පුළුවන්. දෙළුම් ගෙඩිය වටිනවා වුණාට පොත්ත අයින් කරන්න ඕනේ. ඇට ටික විසිකරන්න ඕනේ. රස වෙන්න නම් හොඳට මෝරන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.

කලාකරුවෙක් මිල අධික දෙළුම් ගෙඩියක් වගේ වුණොත් රස බලන්න වෙන්නේ ඉහළ ධනපති පන්තියේ කීපදෙනෙක්ට විතරයි. හැබැයි සුලබව තියෙන දොඩම් ගෙඩියක්, පේර ගෙඩියක් වගේ වුණොත්? හැම මිනිහෙක්ටම කටේ දාලා හපන්න පුළුවන්. පහසුවෙන් ලියලා කන්න පුළුවන්. පහසුවෙන් රස විඳින්න පුළුවන් තැනට පත්වෙනවා.
එනිසා චන්දිතගේ නිර්මාණ මම අගය කරනවා.

ඇතැම් තැනක මට හිතෙනවා චන්දික මේ දීලා තියෙන්නේ කවිවලට වඩා ගී කියලා. ඒ නිසා හොඳ තනුවකට මුහු වුණොත් ඒවායේ රස මීට වඩා වැඩිවෙයි කියලත් හිතෙනවා. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ අඳුරේ ඉන්නවට වඩා මේ ඉටිපහන හුඟක් වටිනවා කියන එක. නිර්මාණ යැයි කිවහැකි නිර්මාණ හුඟක් හිඟ කාලකය අපි ජීවත් වෙන්නේ. ඒ නිසා වෛද්‍ය චන්දිත අමරසිංහගේ නිර්මාණවලට අපි මේ විදිහට පැසසුම් එක් කරනවා. අඳුරේ ඉන්නවට වඩා ඉටි පහනක් දෙකක් පත්තු කරන එක ඉතා වටිනා දෙයක්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනුර වික්‍රමසිංහද-රාජපක්ෂද-විජේවීරද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

රාහු-කේතු මාරුව එනවා… ඉදිරි මාස 18 හොඳ හොඳ දේ වෙනවා…! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.