හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මේ වන විට ශ්‍රීලනිපයෙන් සහ පොහොට්ටුවෙන් ඈත්වී සිටින හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමඟ අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව ආරංචිය. චන්ද්‍රිකා මේ සඳහා එක්කර ගැනීමට සූදානමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පොදුජන පෙරමුණෙන් නාමයෝජනා නොලැබීම හේතුවෙන් කලකිරීමට සහ අසාධාරණයට පත්ව සිටින ශ්‍රීලනිප පාක්ෂිකයන්ය. ඒ අනුව චන්ද්‍රිකාගේ මෙම නව සන්ධානය සජිත්ගේ නායකත්වයෙන් බිහිකිරීමට යන නව සන්ධානය සමඟ එකතු වී මහ මැතිවරණයට තරග කිරීමට නියමිත අතර, එහිදී කුමාර වෙල්ගම කළුතරිනුත්, චන්ද්‍රිකා ගම්පහෙනුත් තරග කිරීමට සූදානමින් සිටින බව ආරංචිය. වෙල්ගම මේ වන විටත් ඒ බව තහවුරු කර ඇති අතර, චන්ද්‍රිකා තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් දී නොමැති බව දැනගන්නට තිබේ. මුල් සාකච්ඡාවේදී චන්ද්‍රිකා එය ප්‍රතික්ෂේප කර තිබුණද අවසන් වරට පැවැති සාකච්ඡාවේදී චන්ද්‍රිකා කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලා තීන්දුවක් දෙන්නම් යැයි කියාය. ගම්පහ යනු බණ්ඩාරනායකවරුන්ගේ දේශපාලන බලකොටුව නිසා යම් හෙයකින් චන්ද්‍රිකා මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් මෙය වාර්තාගත මහ මැතිවරණයක් වනු නොඅනුමානය. ඒ මහින්ද, මෛත්‍රි ඇතුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනකුම මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටීම නිසාය.










