එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් හා වගවීම් පිළිබඳ විමර්ශන හා වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර ඇත.
ශ්‍රී ලංකා විදේශ ලේකම් ජයනාත් කොළඔගේ උපුටා දක්වමින් ඉන්දීය වාර්තා පෙන්වා දී ඇත්තේ මෙලෙස ලිපි යොමු කිරීම මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහයේ කොටසක් බවයි.
‘‘අපි පළමුවෙන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයා අනෙක් සාමාජික රටවල තානාපතිවරුන් හමු වූ විට එම රටවල නායකයන් වෙත යොමු කිරීම සඳහාද ලිපි ලබා දෙනු ඇති’’ යැයි විදේශ ලේකම්වරයා පවසා ඇත.










