• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාත් නවතපු ජන්ද වැඩ අරඹයි: මුලින්ම අම්පාරේ යයි

July 17, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
ගෝඨාත් නවතපු ජන්ද වැඩ අරඹයි: මුලින්ම අම්පාරේ යයි
Share on WhatsAppShare on Facebook

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අම්පාර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත විය.

චාරිකාව අරඹමින් පදියතලාවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම අනුව පදියතලාව නගර මධ්‍යයේ මාර්ගය මංතීරු 04ක් ලෙස පුළුල් කරන්නැයි ජනාධිපතිතුමා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

කිරමාන, සේරංකඩ සහ මරංගල ගම්මානවල ජල හිඟයට විසඳුම් පිණිස අඹකැන්ඔය ව්‍යාපෘතියෙන් ජලය සැපයීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා දුන් නියෝගයට පිළිතුරු දෙමින් ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය.

සේනා දළඹුවාගෙන් වගාවන්ට වූ හානි සඳහා වන්දි ගෙවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට  උපදෙස් දුන්නේය.

මහවැලි ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු විසඳීමට කමිටුවක් පත් කිරීමට ද තීරණය කෙරිණ. ප්‍රදේශයේ වැව් සහ සුළු වාර්මාර්ග ප්‍රතිසංස්කරණයට සහ වන අලි ගම්වැදීමේ ගැටළුවට  විසඳුම් දීම පිළිබඳව ද සාකච්ඡා විය.

රැකියා විරහිතභාවය ගැන ජනතාව ඉදිරිපත් කළ අදහස්වලට පිළිතුරු දුන් ජනාධිපතිතුමා සෞභග්‍යයේ දැක්ම  ප්‍රකාශනයේ සඳහන් පරිදි මැතිවරණයෙන් පසු රැකියා ලක්ෂයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි පැවසීය. පුහුණු ශ්‍රමය වර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිසට පැහැදිළි කළේය.

දෙහි සහ ධාන්‍ය වගා ඇතුළු සිය අස්වැන්න අළෙවි කිරීමට ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලෙස කළ ඉල්ලීමට ද ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය පළ විය.

ග්‍රාමීය ප්‍රදේශවල තාක්ෂණික පාඨමාලා නොතිබීම නිසා තරුණ පිරිස මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ. ඊට විසඳුම් සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පාසල් නැවත ආරම්භ කරන ලෙස රැස්ව සිටි සිසුන් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරන බව ජනාධිපතිතුමා කීය.

වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක් විය.

කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මහඔය, 69 හංදියේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමා රැස්ව සිටී ගම්වාසීන් සමග සුහද කථා බහක නිරත විය.

පාරම්පරිකව සහ රක්ෂිත ආශ්‍රිතව වගාව සඳහා භාවිත බලපත්‍ර නැති ඉඩම්වලට බලපත්‍ර නිකුත් කරන බව ජනාධිපතිතුමා ඔවුන් සමග පැවසීය. ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින පානීය ජල ගැටළුව ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

මහඔය සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාට මහා සංඝරත්නය ආශිර්වාද  කළහ. කොවිඩ් වෛරසය පාලනය කරමින් ජනතාව ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ උන්වහන්සේ අගය කළහ.

කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සංවිධාන කළ හමුවට ආදිවාසී පිරිසක් ද සහභාගි වී සිටියහ.

විමලවීර දිසානායක මහතා උහන, ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සංවිධාන කර තිබු ජන හමුවට ද රාජපක්ෂ මැතිතුමා සහභාගී විය.

ප්‍රදේශයේ පුරන්ව ඇති අක්කර 300කට අධික වගාබිම් නැවත අස්වැද්දිමට ජලය සැපයීමටත්, වන ජීවි දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති ඉඩම් ජනතාවට පැවරීමටත් සැලසුම්කර ඇතැයි ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිස සමග පැවසීය. ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්කරන  පානීය සහ වගා ජල ගැටළුව අදාළ ආයතන සමග සාකච්ඡා කර කඩිනමින් විසඳීම රජයේ ප්‍රමුඛතාවක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

වී අස්වැන්න සහතික මිලට මිස අළෙවි නොකරන්නැයි ජනාධිපතිතුමා ගොවීන්ට උපදෙස් දුන්නේය.

ප්‍රදේශ ගණනාවක පෙර පාසල් ගුරුවරු මුහුණ පා සිටින ගැටළු විසඳීමට දැනටමත් උපදෙස් දී ඇතැයි හිටපු රාජ්‍ය ඇමතිණි ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය නාමල්ඔය, සල්ගස් හංදිය සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවනට  ස්වයං රැකියා වෙත යොමුවීමට ක්‍රමයක් සලසා දෙන ලෙස ද රැස්ව සිටී පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

අම්පාර, නාමල්ඔය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ජනතාව පෙන්වා දුන්හ. 

විමලවීර දිසානායක මහතා අම්පාර නගර සභා හරිත උද්‍යානයේ සහ ඩබ්.ඩී. වීරසිංහ මහතා හිඟුරාන සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

සේනා දළඹුවාගෙන් වගාවන්ට වූ හානි සඳහා වන්දි දීමටත්, අනවසරයෙන් එතනෝල් ආනයනයට තිත තැබීමටත් පියවර ගන්නා බව  ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිස සමග පැවසීය.

හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව යළි ඇරඹීම පිළිබඳව ජනතාව  ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පුද කළහ.

SendShareShare
Previous Post

බුවනෙකබා රජුගේ බිමට සමතලා කළ රාජමණ්ඩපය ගැන මහින්ද වාර්තාවක් ඉල්ලයි

Next Post

ජන්ද ගැසට් එක ගහයි

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.