පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යපාරයට සක්‍රියව දායකත්වය සැපයූ හිටපු හමුදා නිලධාරීන් විශාල පිරිසක් හදිසියේම ඉන් ඉවත් කිරීම කටයුතු කිරීම මුල්කරගෙන එම පාර්ශවය තුළ බරපතළ අර්බුදයක් මතුව ඇති බව දැනගන්නට ඇත.
මේ ආකාරයට හිටපු හමුදා නිලධාරීන් සමීපයට ගෙන කටයුතු කිරීමට යාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යපාරයට අහිතකර ලෙස බලපානු ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා කර තිබූ දැනුම් දීමකට අනුව මෙම හිටපු හමුදා නිලධාරීන් ප්‍රචාරක ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව මෙම හිටපු හමුදා නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ තමන් පසුගිය කාලය පුරාම ‘එළිය’, ‘වියත්මග’ සංවිධාන හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යපාරයට විශාල දායකත්වයක් සැපයූ බවත්, ෙමේ ආකාරයට දැන් එම ප්‍රචාරක කටයුතුවලින් ඈත් කර තැබීම අසාධාරණ ක්‍රියාවක් බවත්ය.
මේ තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඊට විරෝධය පළ කර ඇති ඇති බවක්ද දැනගන්නට ඇත.










