මන්ත්‍රීවරුන්ගේ ගිනි තැබූ නිවාසවල වන්දි තක්සේරු පිළිබද සාකච්ඡා කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ තක්සේරු නිලධාරීන් කැදවා ඇති බවත්, එවැනි ආකාරයට රජයේ නිලධාරීන් කැදවා ඇත්තේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් බවත්, එවන්නක් කිසිසේත්ම කළ නොහැකි බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර සිටියේය.
සිරස රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඊඨ අදාළ ලිපිද හිටපු මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
මෙහිදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන්ද එවැනි ලිපියක් යොමු කොට ඇති බව පිළිගැනීම විශේෂ සිදුවීමක් විය.