• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගැටුමක් ඇතිකරගෙන තිබුණේ අතිශයින් බීමත්ව අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් රටේ මූලික නීතියත් බිඳදැමූ උද්දච්ඡ පුද්ගලයෙක් සමඟ! පේරාදෙණි මහාශිෂ්‍ය සංගමයට ගැටුමට හේතුව කියයි!

December 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පේරාදෙණි සරසවියට අපලයක්! ගිය සතියෙ සිසුවෙක් මහවැලියට පැනලා මැරුණා! අද තෙවන වසරේ සිසුවෙක් අතුරුදන් වෙලා!
Share on WhatsAppShare on Facebook

පසුගිය 10 වැනිදා පේරාදෙණිය සරසවිය තුළ සිදුවූ සිද්ධිය සම්බන්ධව දැඩි සේ කණගාටුවනවා සේම, එවැනි සිදුවීම් තමන් කිසිසේත් පිළිනොගන්නා බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසනවා. මෙම සිදුවීම පිළිබඳ ඕනෑ ම විමර්ශනයකට විශ්වවිද්‍යාලයෙ ශිෂ්‍ය ප්‍රජාව වශයෙන් මහා ශිෂ්‍ය සංගමයේ පූර්ණ සහයෝගය දෙන බවත් ඔවුන් කියනවා. අදාළ පරීක්ෂණය කඩිනම් හා නිවැරැදි මෙන් ම අපක්ෂපාති එකක් ද විය යුතු බවයි මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කර සිටින්නේ.

ශිෂ්‍ය පිරිසක් අදාළ දිනයේ දි ගැටුමක් ඇති කරගෙන තිබුණේ උපකුලපතිවරයෙක් හෝ ඔහුගේ පුතෙක් සමග නොව, අතිශයින් බීමත්ව, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් රටේ මූලික නීතියත් බිඳදැමූ උද්දච්ඡ පුද්ගලයෙක් සමඟ බව මහා ශිෂ්‍ය සංගමය මාධ්‍ය හමුවක් පවත්වා පවසා සිටියා.

මේ බීමත් පුද්ගලයා උපකුලපතිවරයාගේ පුතා බව දැනගන්නා විට ගැටුම බොහෝ දුරට ඇවිලී ගොස් තිබුණු අතර, සරසවි විනය පාලකවරු, නියෝජ්‍ය උපකුලපති ඇතුළු සරසවියේ වගකිවයුතු සියලුම පාර්ශව සේම මහා ශිෂ්‍ය සංගමය ද ගැටුම සමතයකට පත් කිරීමට මැදිහත් වූ බව සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් පේරාදෙණිය විශවවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් තත්සර කියනවා.

දැන් වනවිට මෙම සිදුවීම සම්බන්ධව මාධ්‍ය ඔස්සේ ඉතා ද්වේශ සහගතව සහ ඒකපාර්ශවිකව කරුණු වාර්තා කරමින් ඇති බවයි ඔහු සඳහා කරන්නේ.

“පහුගිය 10 දා රාත්‍රියේ ඇති වූ තත්ත්වය පිළිබඳ මහා ශිෂ්‍ය සංගමය ලෙස අප බෙහෙවින්ම කණගාටු වෙනවා. මෙවැනි සිදුවීම් අපට පිළිගන්න බෑ. සිද්ධියට හේතුව වෙන්නේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය අසල ඇති වුණු තත්ත්වයක්. බීමත් පුද්ගලයෙක් වාහනයක් පදවාගෙන එනවා. ඒ මාර්ගය අසල නවතා ඇති යතුරු පැදි දෙකකට ඔහු පහර දෙනවා. ඒවා පෙරළා දමා පලා යන්න උත්සාහ කරනවා.

මේක දැකපු සිසුන් මේ වාහනය සහ පුද්ගලයා පස්සෙන් පන්නගෙන ගිහින්එයාව නවත්තගන්නවා. එයාගෙන් ප්‍රශ්න කරනවා එයා කව්ද කියලා.

මේ බීමත් පුද්ගලයා කියන්නේ ‘මේක අපේ තාත්තගෙ කැම්පස් එක. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්’ කියලා. ඒ වගේ දෙයක් කියන්න තරම් මේ පුද්ගලයා ඉන්නේ අසිහියෙන්. ඊට පස්සේ බහින්බස් වෙනවා. ඒක ගැටුමක් දක්වා දුරදිග යනවා. සිසුන් මේ පුද්ගලයාගෙන් ඉල්ලා සිටිනවා යතුරුපැදි දෙකට එයා කරපු අලාභය. ඒ ගැන ඉල්ලද්දී එයා කියලා තියෙනවා ‘අපි බලා ගනිමු. උඹලගෙ මූණවල් ඔක්කොම මතකයි’ වගේ කතා. මේ තැනැත්තා හිටපු උපකුලපතිගේ පුතා කියලා දැනගන්න කොට ගැටුම දුරදිග ගිහිල්ලා ඉවරයි. මේ කියන පුද්ගලයා හැසිරුනේ ගැටුම් ඇතිවන විදිහට. ඒ වෙලාවෙදි සරසවි විනය පාලක, උප කුලපති ඇතුළු අයත් මේ සිද්ධියට සම්බන්ධ වෙනවා. පොලිසියත් සම්බන්ධ වෙනවා. මහා ශිෂ්‍ය සංගමය විදිහට අපිත් මැදිහත් වෙනවා. ඒ මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් විදිහට ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන් වෙනවා.

මේ මැදිහත්වීමත් එක්ක ඔය කියන බීමත් පුද්ගලයා ඒ වෙලාවේ පොලිසියෙන් ඇවිත් මාංචු දලා ජිප් එකේ පටවාගෙන අරන් යනවා. ඔහු ජීප් එකට නගින්නෙ වැරැද්ද පිළි අරන් අලාභයත් ගෙවන්න පොරොන්දු වෙලා. පොලිසියෙන් ඔහුව රෝහලට යවනවා. පැය කීපයකින් නැවත නිවස කරා එනවා. ඔහු නිවසට ඇවිත් තමයි මාධ්‍යයට කතා කරන්නෙ.

සිද්ධිය සම්බන්ධව සරසවි ශිෂ්‍යයො විදිහට පැමිණිලි දෙකක් කරනවා. පැමිණිල්ල දාන්න පොලීසියට ගිය සිසුන් මත්පැන් පානය කරලද කියලා පරීක්ෂා කරනවා. හැබැයි බීලා වාහනය එලවාගෙන ඇවිත් සිසුන්ගේ මෝටර් සයිකල් දෙකක් කඩපු මේ ගැටුම ඇති කරගත්තු රටේ මූලික නීතිය කඩ කරමින් අපරික්ෂාකාරීව බීමතින් රිය පැදවූ උපකුලපති පුතාගෙ ඇල්කොහොල් ටෙස්ට් කරන්නෙ නෑ.

දැන් එක්තරා පිරිසක් හිතාමතාම මාධ්‍ය පාවිච්චිකරලා මේ කාරණය ගැන වෙනස් කතාවක් මවනවා. අපි සියලුම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා මේ ගැන සත්‍ය තත්වය වාර්තා කරන්න කියලා. මේ සිද්ධිය සම්බන්ධව අපක්ෂපාතී වාර්තාකරණයක් කරන්න කරන්න කියලා.

කරුණාකරලා ශිෂ්‍යන්ගෙන් පළිගන්න එපා. ඒ ගැටුම ගැන වහාම අපක්ෂපාති නිවැරදි පරීක්ෂණයක් කරන්න. ඉක්මනින්ම විධිමත් පරීක්ෂණයක් කරන්න. ඊට පස්සේ වැරදි කළ සියලුම පාර්ශවයන්ට දඬුවම් කරන්න.

අපි එහෙම කියන්නෙ මේ පරීක්ෂණය කෙරෙන විදිහ සාධාරණ නැති නිසා. මේ වනවිට ශිෂ්‍යභාවය ආහෝසිකර අත්අඩංගුවට පත්වුණු ශිෂ්‍ය සහෝදරයෙක් ඉන්නවා මේ ගැටුම ඇති වුණු වෙලාවෙ ඒ පැත්ත පළාතකවත් හිටපු නැති. එකෙන් ම පේනවා මේ සිදුකරමින් පවතින්නේ මොකක්ද කියන එක. සම්පුර්ණයෙන් ශිෂ්‍යන්ගෙන් පළිගැනීමේ අභිලාෂයෙන් මෙවැනි දේ කරන්න එපා කියලා අපි වගකිවයුතු පාර්ශවලින් ඉල්ලා සිටිනවා” යි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පවසනවා.

SendShareShare
Previous Post

වසන්ත මුදලිගේ ඇතුළේ ඉන්නේ මෝටිවේෂන් අප්පච්චියි බස් ගැමුණුයි නිසා! උසාවියේදී එළියට ආ කවුරුත් නොදත් කතාව මෙන්න! (VIDEO)

Next Post

යුද හමුදාවට ෆේස්බුක්-වට්ස්ඇප්-ඉමෝ-වයිබර්-ටික්ටොක්-ට්විටර්-ස්කයිප් තහනම්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.