වයස අවුරුදු 46ක කැලණිය හෙට්ටිගොඩ පදිංචි පුද්ගලයකු කොවිඩ් අසාදිතව හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර ලබාදෙන රෝහලේ ප්‍රතිකාර ලබා අවසන්ව තිබියදී අද (10) මියගොස් ඇතැයි වාර්තා වේ.
කොරෝන වෛරසය අසාදිත වූ මෙම පුද්ගලයා පසුගිය පළමුවෙනිදා හම්බන්තොට මහා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.
ප්‍රතිකාර ලබිමින් පසුව අද දින සිය නිවස වෙත යාමට සිටියදී හදිසි හෘදයාබාධයක් සෑදී හම්බන්තොට නව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
ඔහු මිට පෙර හෘදයාබාදයකින් පෙළී ඇති අයෙක් බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරයි.