රාජ්‍ය බැංකුවකින් කෝටි 310ක මුදලක් ණයට ගෙන ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකු වන අනුරාධපුරයේ ඩී.එස්. ගුණසේකර මහතා සිගරැට් ආනයනය කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අනාවරණය තළේය.
අද (07) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ ඒ මහතා මෙම ණය ගැනීම ඉකුත් අයවැයට පෙර සිදුව ඇති බවත්, අයවැයේදී සිගරට් මිල ඉහළ දැමීම හරහා අමතර බිලියනයක මුදලක් සොයාගැනීම එහි අරමුණ වී තිබුණු බවත් පැවසීය.