අන්තර්වාර පාලනයකට මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම සඳහා කෝටිප්‍රකෝටි ගණන්වලට මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ සුපුරුදු ක්‍රියාවලිය මේ වන විට ආරම්භ වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැවැන්ත හෙළිදරව්වක් සිදුකළේය.
ගලිගමුවේදී ‘සමගි බල පාගමන’ට එක් වෙමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ මෑත කාලයේදී ප්‍රකෝටිපතියන් බවට පත්වූ වත්මන් ආණ්ඩුවෙන් බදු සහන ලබාගත් ව්‍යාපාරිකයන් මෙම ක්‍රියාවලියට සහභාගි වී සිටින බවකි.
එමෙන්ම බදු සහන ලබා ගැනීමේ අරමුණින් ඔවුන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බවද විපක්ෂනායතවරයා කීය.
මේ වන විට එම ප්‍රකෝටිපතියන් කෝටි ගණන් සල්ලි මලු විවිධ පුද්ගලයන්ට ලබාදෙමින් මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටින බවද විපක්ෂ නායකවරයා හෙළිදරව් කර සිටියේය.










