කොළඹ බටහිර දෙසට වන්නට ඇති ගැඹුරු මුහුදු පතුලේ විශාල පැලීම් දක්නට ලැබෙන බවත් ඒවා හා බස්නාහිර පළාතට බලපාන භූ කම්පන අතර සම්බන්ධතාවක් තිබේද යන්න පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකළ යුතුව තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
පසුගියදා බේරුවල ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය පිළිබඳ සුළුවෙන් නොතකා ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර භූ කම්පනවලට බලපාන ප්‍රධාන හේතුව කුමක් ද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවක් බව ද ඒ මහතා කීය.
කොළඹ ආශ්‍රිතව භූ කම්පන මාන සවිකර ඒ ඔස්සේ ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරමින් භූ කම්පන සඳහා බලපාන ප්‍රධාන හේතු මොනවාද යන්න හඳුනා ගැනීමට හැකි යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. වර්ෂ 1615 සිට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල භූ කම්පන වාර්තා වී ඇතත් ඒවාට හේතුව කුමක් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් මහාචාර්යවයා පැවසුවේය.
කොළඹ බටහිර දෙසට වන්නට ඉදිරියේදීත් භූ කම්පන සිදුවිය හැකි බවත් අධික ජන ඝනත්වයක් පවතින කොළඹ ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් ඉන් සිදුවන හානිය අතිවිශාල විය හැකි බවත් මේ නිසා ඒ සම්බන්ධව විශේෂ අවධානයෙන් පසුවීම අතිශයින් වැදගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.










