කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.
එම සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.
ආදාහනය හා භූමදානය යන ක‍්‍රම දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ලබා දී ඇති බවද එම ලිපියෙන් සිහිපත් කරයි.
හිටපු ඇමති රවුෆ් හකීම් විසින්ද ඉල්ලා ඇත්තේ මේ ගැන තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි.












