• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා අස්සේ ශවේන්ද්‍ර කරපු මාර වැඩක් එළියට එයි (PHOTOS)

April 30, 2020
in Exclusive
Reading Time: 7 mins read
A A
කොරෝනා අස්සේ ශවේන්ද්‍ර කරපු මාර වැඩක් එළියට එයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘තුරු මිතුරු-නව රටක්’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයකින් යුත් අස්වද්දනු ලැබූ කුඹුරුවල අස්වනු නෙලීම සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අද (30) උදෑසන සිදු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ අත්වැල් බැඳගත් මෙම ව්‍යාපෘතිය 2019 දෙසැම්බර් 30 වන දින  ආරම්භ කළ අතර එහි පළමු අදියර යටතේ කිලෝමීටර් 1.7ක දුරක් ආවරණය වන පරිදි නව හමුදා මූලස්ථානය හරහා දිවෙන මාර්ගයේ දෙපස අරලිය පැළ 170 ක් සිටුවීම සිදුකරනු ලැබිණ‍.

ව්‍යාපෘතියේ දෙවන අදියර 2020 ජනවාරි 14 වන දින ආරම්භ වූයේ අක්කර 12 ක අතහැරදමා තිබූ කුඹුරු අස්වද්දමිනි. එසේම ඊට සමගාමීව මී, කොබෝනීල, කරඳ වැනි පැළ 140 ක්ද  රෝපණය කරන ලදී.

එසේම මෙහි තෙවන අදියර යටතේ ශාරීරික ව්‍යායාම උපාංග හතරක් සහිත ශාරීරික ව්‍යායාම මංතීරුවක් ස්ථාපනය කිරීම,  පොල් පැල 100 ක් සිටුවීම, මිරිදිය හා විසිතුරු මසුන් 20,000 ක් මුදාහැරීම ඇතුළු වැඩසටහන් රැසකින් සමන්විත විය.  

එලෙස රෝපණය කළ සියලු පැළ රෝපණය කිරීමට බිම් සැකසීමේ සිට සිට සියලුම නඩත්තු කටයුතු යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු විසින් සිදු කරනු ලබන අතර ඒ වෙනුවෙන් අදාළ රෙජිමේන්තුවල රෙජිමේන්තු අධිපතිවරන්ගේ සිට සාමාන්‍ය සෙබළා දක්වා දක්වන දායකත්වය සහ කැපකිරීම විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. ඊට අමතරව දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතවද මෙම ව්‍යාපෘතින්ට සමගාමීව රුක් රෝපණ වැඩසටහන් සහ කුඹුරු අස්සැද්දීම් සිදුකරනු ලැබූ අතර ඒ තුළින් වනගහනය ඉහළ නැංවීමටත් , රටේ සහල් අවශ්‍යතාවය වෙනුවෙන් දායකත්වය ලබා දීමත් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබේ.

රන් අස්වනු නෙළීමේ මංගල්‍යයට එක්වෙමින් යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.

‘අපි පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දී තුරුමිතුරු නව රටක් ව්‍යාපෘතිය ආරම්භ කළා රජයේ ප්‍රතිපත්තියට සමගාමීව. අපි මුලින්ම යුද්ධ හමුදා හමුදා පරිශ්‍රයට පිවිසෙන මාර්ගය දෙපස ගස් වවන්න පටන් ගත්තා. ඊට පස්සේ අත්හැර දමා කැලෑව වැවිලා තිබුණු අක්කර 12ට භූමියක් වගාකරන්න පටන් ගත්තා. අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂ මණඩලටය ඒ වෙනුවෙන් වැඩකරන්න පටන් ගත්තා. අද තමයි ඒ අස්වද්දපු කුඹුරේ අස්වනු නෙළන දවස‍. මේ කුඹුරේ විශේෂත්වය තමයි අපි මේ කුඹුරට කිසිම රසායනික ද්‍රව්‍ය භාවිත කළේ නෑ. ඒ වගේම තමයි මේ කුඹුර වටා තියෙන මහ නියර අපි මිනිස්සුන්ගේ ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් භාවිත කරන්න ව්‍යායාම මංතීරුවක් ඉදිකළා. ඒ වෙනුවෙන් අපිට මේ අවට ජනතාව ස්තූතිවන්ත වෙනවා.  අපි මෙතතනින් නවතින්නේ නෑ. අපි දිසාපතිවරුන්ගෙන් පවා ඉල්ලුවා අත්හැර දැමූ බිම් තියෙනවා නම් දෙන්න කියලා. අතිගරු ජනාධිපතිතුමා සහ අගමතිතුමා අපිට සැලසුමක් ලබා දීලා තියෙනවා ඉදිරියටට කටයුතු කරන විදිහ ගැන. ඒ සැලසුමට අනුව අපි අපේ රට තනියෙන් හිටගන්න පුළුවන්  තැනකට ගේනවා. කොවිඩ්-19න් ලෝකයම පීඩා විඳීන වෙලාවක අපි අපේ රට ලෝක සිතියමේ සුවිශේෂි වූ රටක් බවට පත්කරලා හිටපු තැනට වඩා සෑහෙන්න ඉදිරියට යන්න පුළුවන් හැමදෙක්ම අපි කරනවා.’ යැයි යුද්ධ හමුදාධීපතිවරයා පැවසීය.

මෙලෙස නෙළාගන්නා  වී අස්වැන්න මෙරට සහල් අවශ්‍යතාවන් වෙනුවෙන් යොමුකරනු ලබන අතර විශේෂත්වය වන්නේ කුඹුරු බිම් සැකසීමේ සිට වී අස්වනු නෙළීම දක්වා වූ සියලුම කටයුතු වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික දැනුමත් මානව ශ්‍රමයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළුන් විසින් ලබා දීමයි.

මෙම ව්‍යාපෘති යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ හිටපු  විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ආරම්භක සම්බන්ධීකාරක වශයෙනුත් වර්තමානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර සහ කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එම්.ආර්. වන්නිආරච්චි විසින් මෙම ව්‍යාපෘති සම්බන්ධීකරණය කටයුතුත් කරයි.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

යාපනය සුද්දයි…

Next Post

කොවිඩ් මර්දන වැඩපිළිවෙළේ ඉදිරිය ගැන ජනපති හෙළිකරයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.