තමන් පිළිබද අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල කිසියම් පිරිසක් විසින් පළ කරනු ලැබ ඇති බවත්, එමෙන්ම තමන්ට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් පවා ලැබුණු බවත්, මේ පිළිබදව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසත් දැනුම් දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර ඇත.
එම ලිපියේ මෙසේද සදහන්ය.

කෙසේවෙතත් පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවැති වාදපිටිය වැඩසටහන අතරමැදදී වැරදීමකින් විකාශය කොටසක නිවේදක චතුර අල්විස් මහතා බිමල් රත්නායක මහතාගේ මේ නිවේදනය උපුටා දක්වමින් කතා කරනු දැකගත හැකි විය.










