• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙල්වත්තෙන් අතුරුදන් වූ කෙල්ලො තුන්දෙනා පැය 48ක් තිස්සේ කරපු දේවල්-ගියපු තැන් කියවලම බලන්න!

November 15, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
කෙහෙල්වත්තෙන් අතුරුදන් වූ කෙල්ලො තුන්දෙනා පැය 48ක් තිස්සේ කරපු දේවල්-ගියපු තැන් කියවලම බලන්න!
Share on WhatsAppShare on Facebook

ගෝනි බිල්ලාට බය නොවූ දරුවෙක් මීට දශක තුනකට එහා මෙරට ගම්බදව මෙන්ම නාගරික සමාජයේද නොසිටි තරම්. කුඩා දරුවන්ව නාඳුනන පුද්ගලයන් විසින් රවටා රැගෙන යෑම එකලද සිදුවූ බැවින් මෙලෙස ගෝනි බිල්ලකු ගැන කියා ඔවුන් ආරක්ෂා කරගැනීමට එකල මවුපියෝ කටයුතු කළා. එලෙස දරුවන් රැගෙන යන පුද්ගලයන් ඔවුන්ව විවිධ දුෂ්කර වෘත්තීන්වල බලහත්කාරයෙන් යෙදවූ බව විටින් විට අසන්නට ලැබුණා. කරවල වාඩිවල, මැණික් පතල්වල, ගංජා හේන්වල වැඩ කරන්නට එම දරුවන් යොදාගත් බවද එකල නිරන්තර වාර්තා වුණා.

එකල කුඩා දරුවන්ව එලෙස පැහැරගෙන ගියත් අද වන විට වැඩිහිටි කාන්තාවන්, පිරිමි පුද්ගලයන් පවා විවිධ හේතූන් මත රවටා රැගෙන යන අවස්ථා විටින් විට වාර්තා වනවා.සපුගස්කන්ද මාබිම තෙල් පිරිපහදු සංකීර්ණය අසල වී මෝල මාර්ගයේ කසළ ගොඩක දමාගොස් තිබූ ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් පසුගියදා සොයාගත්තේ එවැනි පැහැරගැනීමක සේයාවක් පිළිබඳ අපට නැවත සිහිගන්වමින්.

එලෙස ඝාතනයට ලක්ව තිබූ කාන්තාව මොහොමඩ් සාෆි ෆාතිමා මුම්තාස් බව ඇගේ ස්වාමිපුරුෂයා විසින් හඳුනාගනු ලැබුවා. කෙසේ වෙතත් මෙම ඝාතනයට ඇගේ ඥාති සොහොයුරකුද සම්බන්ධ බව සිදුකළ පරීක්ෂණවලදී හෙළිව තිබුණා.

ෆාතිමා මුම්තාස්ගේ අතුරුදන් වීමත් සමග තවත් කාන්තාවන් 1,500කට අධික සංඛ්‍යාවක් අතුරුදන්වී ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබෙන්නට වුණා. මේ පිළිබඳ පොලිසිය සඳහන් කර තිබුණේ ඉහත සියලු අතුරුදන් වීම් ඉතා මෑතකදී අවස්ථා ගණනාවකදී සිදුවූ ඒවා බවටයි. එසේම තවත් බොහෝ අතුරුදන්වීම් ප්‍රමාණයක් පොලිසියට සහ මාධ්‍ය වෙත වාර්තා නොවන බවද සඳහන් කළ යුතුමයි. මෙලෙස අතුරුදන්වන කාන්තාවන්ගෙන් කී දෙනකු ඝාතනයට ලක්ව තිබෙනවාද? ඔවුන්ගෙන් කීදෙනකු නැවත නිරුපද්‍රිතව නිවෙස් වෙත පැමිණ තිබෙනවාද යන්න නිශ්චිතව සඳහන් කරන්නට බැහැ. ඊට හේතුව දිනපතාම රට පුරා පිහිටි පොලිස් ස්ථානවලට මෙවැනි පැමිණිලි රාශියක් ලැබීම හේතුවෙන්. එසේම මෙම පැමිණිලි විභාග කරද්දී හෙළිව ඇත්තේ ඉන් බොහෝ ප්‍රමාණයක් අනියම් සම්බන්ධතා මත තම පෙම්වතා හෝ පෙම්වතිය සමග පලායෑම්වලට අදාළ සිද්ධීන් බවටයි.

සතුටින් ජීවත් වීමේ අරමුණෙන් මෙසේ පලා ගියද එම කාන්තාවන්ට අවසානයේ බොහෝ විට උරුම වන්නේ ඝාතනයට ලක්වීමටයි. මීට මාස කිහිපයකට ඉහතදී වේල්ල දියේ ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුරට අදාළ සිදුවීම ඊට කදිම උදාහරණයක්. එලෙස ඝාතනයට ලක්වූ දිලිනිද විවාහක පොලිස් නිලධාරිකයකු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යෑමේ අවසන් ප්‍රතිඵලය ලෙස එම දුක්ඛිත ඉරණමට ගොදුරු තිබුණා.

අදාළ මළ සිරුර හමුවීමත් සමග සිරුර කාගේදැයි සොයාගැනීමට මහජන සහාය පැතීමට පොලිසියට සිදුවුණා. ඒ අනුව මාධ්‍ය මගින් ඒ පිළිබඳ දැන්වීමත් සමග විවිධ ප්‍රදේශවලින් වගේම විදේශ රටවලින් පවා දුරකතන ඇමතුම් සිය ගණනක් ලැබී තිබුණේ කාන්තාවන් සිය ගණනකගේ අතුරුදන්වීම් පිළිබඳ විමසමින්. එවැනි අතුරුදන්වීම් විශාල සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීම මාධ්‍යවල මෙන්ම සමාජයේද එකල දැඩි කතාබහක් නිර්මාණය කරන්නටත් සමත් වුණා. එහෙත් මේ වන තෙක්ම එම සිදුවීම්වල අඩුවක් නම් දක්නට නැහැ. දිනපතාම පාහේ කොහෝ හෝ තැනක කාන්තාවක් අතුරුදන්ව ඇති බව අපට අසන්නට ලැබෙනවා. එය ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
මීට කලකට ඉහත මුළු රටම කම්පාවට පත් කළ කාන්තා ඝාතන රැල්ලක් වාර්තා වුණේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයෙන්. මාස ගණනාවක දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එම ඝාතන මාලාව සිදුකළ සැකකරු අත්අඩංගුවට පත්වුණා. රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ජීවත්වූ විදෙස් තරුණියක් ඇගේ පෙම්වතා අතින් ඝාතනය වුණේ මීට වසර ගණනාවකට ඉහතදියි. එසේම කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතන සිදුවීමද මෙරට සමාජය කම්පා කළ සිදුවීමක් බවට පත්වුණා. එම අනුවේදනීය ඝාතනයන් සහ අතුරුදන්වීම් මේ මොහොත දක්වාම අප රටේ විවිධ ප්‍රදේශවලින් දෛනික වාර්තා වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

මීට දින කිහිපයකට පෙර කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවෙසකින් බාල වයස්කාර දැරියන් තිදෙනකු (අවුරුදු 13 සහ අවුරුදු 15) අතුරුදන්ව ඇති බව ඇගේ මව පසුගිය 08 වැනිදා කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කළා. එකම පවුලේ දැරියන් දෙදෙනකු සහ තවත් ඥාති දියණියක් එලෙස අතුරුදන්ව තිබුණා. එම පැමිණිල්ලට අනුව සී.සී.ටී.වී. කැමරා විමර්ශනයට ලක්කළ පොලිසියට දැකගත හැකිව තිබුණේ දැරියන් සිය කැමැත්තෙන්ම ගමන් බෑග්ද රැගෙන නිවෙසින් පිටත්ව යන ආකාරයයි. මෙම සිදුවීමට විiුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණා.

මේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු කොළඹ මුස්ලිම් පාසලක 10 වැනි ශ්‍රේණියේ සහ 08 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඥාති දැරිය ගම්පොල මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන බවත් මේ ඥාති දියණිය පසුගිය 04 වැනිදා පැවැති පවුලේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගි වීම සඳහා කොළඹට පැමිණ තිබූ බවත් පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන්ව තිබුණා.

දින දෙකක කාලයක් නිවෙසින් අතුරුදන්ව සිටි ඔවුන් පසුගිය 10 වැනිදා රාත්‍රියේ යළි කෙසෙල්වතේ සිය නිවෙස වෙත පැමිණ තිබුණේ සියලු දෙනා විමතියට පත් කරමින්. ඒ අනුව එම අතුරුදන් වීම පිළිබඳ සියලු තොරතුරු පියවරෙන් පියවර දිගහැරුණේ පොලිස් නිලධාරීන් එම දැරියන්ගෙන් සිදුකළ දීර්ඝ කරුණු විමසීම් හරහායි.

මෙම දැරියන් කොරියාවේ ‘බ්ලැක් පින්ක්’ නර්තන කණ්ඩායමේ වීඩියෝ යූටියුබ් හරහා නරඹා ඊට දැඩි ඇල්මකින් පසුව තිබූ අතර එම විලාසිතා සහ නර්තනයන් හැදෑරීමට ඔවුන් තුළ විශාල උනන්දුවක් හටගෙන තිබුණා. නිවෙසේ දැඩි නීතිරීති මධ්‍යයේ හැදී වැඩුණු මෙම දැරියන් එයින් මිදී නිදහස සොයා මෙලෙස හොර රහසේ නිවෙසින් පිටව ගොස් ඇති බව ඔවුන්ගේ පාපොච්චාරණයෙන් අනාවරණ වුණා.

ඒ අනුව එදින අලුයම නිවෙසින් පිටත්වූ දැරියන් තිදෙනා පිටකොටුවට පැමිණි තමන් සතු රන් ආභරණ උකස් කර රු. 60,000ක මුදලක් ලබාගෙන ඇති අතර, සුප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවි සලකට ගොස් ඩෙනිම් සහ ටීෂර්ට් මිලදී ගෙන ඒවායෙන් සැරසී පිටව ගොස් ඇත්තේ අනුරාධපුර බලා යන අදහසින්. එලෙස බස් රථයකින් අනුරාධපුර බලා යන අතරතුර තමන්ට රාත්‍රිය ගතකිරීම සඳහා නවාතැනක් සොයා දෙන ලෙස එම දැරියන් විසින් බස් රථයේ කොන්දොස්තරවරයාට දන්වා තිබුණා. ඒ පිළිබඳ සැක සිතූ ඔහු මෙම දැරියන්ට නැවත නිවෙස් වෙත යන ලෙස උපදෙස්දී ඇති අතර, කොළඹ බලා ගමන් කරන වෙනත් බස් රථයකට නංවන්නට කටයුතු කර තිබුණේ වගකිව යුතු පුරවැසියකු ලෙස තම යුතුකම ඉටුකරමින්.

ඒ අනුව දැරියන් එම බස් රථයෙන් පසුදා උදෑසන 7.30ට පමණ කොළඹට පැමිණ ඇති අතර, ඔවුන් නැවතත් කොළඹ නගරයේ තැන තැන ඇවිදිමින් සිය සිත්ගත් කොරියානු නර්තනය පිළිබඳ හැදෑරීමට සුදුසු ස්ථානයක් සොයන්නට වුණා.

එය අසාර්ථක වූ තැන මෙම දැරියන් තිදෙනා තීරණය කර ඇත්තේ කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි සමගි ජන බලවේගයේ මූලස්ථානය වෙත පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමටයි. ඒ අනුව එහි පැමිණි දැරියන්ට දැනගන්නට ලැබී ඇත්තේ ඒ අවස්ථාවේ විපක්ෂ නායකවරයා එහි නොමැති බවයි. එම අදහසද ව්‍යර්ථවූ තැන සිදුකළ හැකි වෙනත් දෙයක් තිබේදැයි තැන තැන ඇවිදිමින් කල්පනා කරන්නට වූ ඔවුන් අවසානයේ තීරණය කළේ නැවත සිය නිවෙස බලා යෑමටයි.

ඒ අනුව රාත්‍රී 7.30ට පමණ දැරියන් තිදෙනා කෙසෙල්වත්තේ පිහිටි සිය නිවෙස වෙත පැමිණ තිබුණා. ඒ වන විටත් දිවයින පුරා පොලිස් ස්ථානවලට දන්වා, මාධ්‍ය මගින්ද විශාල ප්‍රචාරයක් ලබාදී තිබීම හේතුවෙන් මෙම අතුරුදන්වීම රටම කතාවන සිදුවීමක් බවටයි පත්ව තිබුණේ. පොලිසියේ දැඩි අවවාද කිරීම් මත දැරියන් තිදෙනා යළිත් මවුපියන් වෙත භාර කෙරුණද ඔවුන්ගේ ඉදිරි අනාගතය සුරක්ෂිත කිරීම එම මවුපියන් සතු වගකීමක් බව සඳහන් කළ යුතුමයි.

මෙම සිදුවීම මෙන්ම මීට ඉහත සිදුවූ කාන්තා අතුරුදන්වීම්, ඝාතන, පැහැරගෙන යෑම් ආදී සියල්ල මගින් ලබාදෙන විශේෂම පණිවුඩය නම් ඔවුන්ගේ ආරක්ෂාව තව තවත් තහවුරු විය යුතු බවයි. බාල වැඩිහිටි මහලු යන වයස් භේදයකින් තොරව සියලු කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් විසින් මීට වඩා සැලකිලිමත් විය යුතු බව ඉතාමත් පැහැදිලි වී තිබෙනවා.

එසේම තරුණ දියණිවරුන් නිවෙස්වල දැඩි නීතිරීති මධ්‍යයේ සමාජයෙන් සඟවා තබා ගැනීම තුළින්ද විවිධ වූ අපරාධයන්ට මඟ විවර වීම සිදුවන බව මවුපියන්ද සිහි තබාගත යුතුයි. එලෙස ගතානුගතික නීතිරීති යටතේ දරුවන් හදාවඩා ගැනීම තුළින් සිදුවන්නේ තමන්ට නොලැබෙන නිදහස සොයා එම දරුවන් නිවෙස්වලින් පලා යෑමට උත්සාහ දැරීමයි. ඉහත දැරියන් තිදෙනාගේ සිදුවීම ඊට උදාහරණයක් සපයන්නේ තරුණ දියණිවරුන් සිටින මවුපියන්ට කදිම පාඩමක්ද කියා දෙමින්.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මහබැංකු හොරුයි සීනි හොරුයි පාර්ලිමේන්තුවේ ඇවිලෙයි! හොරු අල්ලනකම් දෙමළ සන්ධානය බලා සිටී! (VIDEO)

Next Post

ගෑස් ඉල්ලා කාන්තාවක් ලොරිය ඉදිරිපිට වාඩිවෙයි! ‌පොලිසිය ආ පසු නෑ කී ගෑස් මතුවෙයි! (VIDEO)

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.