මීට වසරකට ඉහතදී නුවන් කුලසේකර හදිසියේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබීය.
ඒ අවස්ථාවේ තේරීම් කමිටු සභාපති වූයේ අසන්ත ද මෙල්ය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මාධ්‍ය සාකච්ජාවකදී අසන්තගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී අසන්ත උත්තර දුන්නේ නුවන් කුලසේකර වැන්නකු ජීවිතේට දැක නැති සහ අසා නැති ගාණට තුට්ටු දෙකට දමාය.
‘කව්ද නුවන් කුලසේකර… මම දන්නේ නෑ එයා සෙල්ලම් කරනවා කියලා… මම හිතාගෙන හිටියෙ එයා ක්‍රිකට් ගහන්නෙ නෑ කියලා… එයා ස්කොඩ් එකකවත් නෑ… ඔබතුමා කිව්ව හින්දා මම හොයලා බලන්නම්… තාම ක්‍රිකට් ගහනවාද.. දැන් එයාට අමාරුයි නේ… වයසත් එක්ක සෙල්ලම් කරන්න අමාරුයි නේ…’ යනුවෙන් අසන්ත එහිදී පිළිතුරු දී තිබිණ.
මේ පළවන්නේ එම වීඩියෝවය.










