• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැවුම් කිරිබත් කොකිස් කාලා රනිල් අලුත් අවුරුද්දේ වැඩ අල්ලයි! දවසේ කටයුතු පැය 8කට සීමා කරන්න එපා! රාජ්‍ය සේවකයන්ට දැනුම් දීමකුත් කරයි! (PHOTOS & VIDEO)

January 2, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
කැවුම් කිරිබත් කොකිස් කාලා රනිල් අලුත් අවුරුද්දේ වැඩ අල්ලයි! දවසේ කටයුතු පැය 8කට සීමා කරන්න එපා! රාජ්‍ය සේවකයන්ට දැනුම් දීමකුත් කරයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නව වසරේ එක්ව කැපවෙමු යැයි සමස්ත රාජ්‍ය සේවකයින්ට ආරාධනා කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 නව වසරේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ධජය එසවීමෙන් පසු සියලු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්හ.
නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

සියලුදෙනාටම සුබ නව වසරක් වේවා ! කියා මම ප්‍රාර්ථනා කරනවා.

මාස පහ හමාරක‍ට පෙර මේ කාර්යාලයේ සිට අපි ඓතිහාසික වැඩකොටසක් භාරගත්තා. ආණ්ඩු පාලනය කඩා වැටුණු අවස්ථාවකදී, ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවකදී රට තුළ සාමාන්‍ය තත්ත්වයක් ඇතිකරන්න අපි ඒ මාස පහ හමාර තුළදී පියවර ගත්තා. අපේ ආර්ථික ප්‍රශ්න සියල්ලම විසඳී නැහැ. නමුත් අද ඉන්ධන, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර අවශ්‍ය පරිදි ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

එම කටයුතු සඳහා මේ මාස පහ හමාර තුළ ඔබ සියලුදෙනා ලබාදුන් සහායට පළමුව මම මගේ ස්තූතිය පළ කරනවා. අපේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වී නැහැ. එහි වැදගත්ම වසර වන්නේ මෙම 2023 වසරයි. අපේ රට ණය බරින් නිදහස් කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කර අප ඉදිරියට යා යුතු වෙනවා.

ඒ වගේම අපි නව ලෝකය සමග තරඟකළ හැකි ආර්ථිකයක් ගොඩනැඟිය යුතුව තිබෙනවා. මේ රටේ දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයි යන්න බහුතරයගේ මතයයි. මේ කරුණු දෙකම අප විසින් ඉටුකළ යුතුව තිබෙනවා.

ඒ වගේම අද තිබෙන දේශපාලන ක්‍රමයේ ගැටලු විසඳිය හැකි නව ක්‍රමවේදයක් අප ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මෙහිදී පසුගිය වසරට වඩා අප සියලුදෙනා සාමුහිකව එක්විය යුතුයි.
අපි මේ ආණ්ඩුව දෙස බලන්නේ එක් යාන්ත්‍රණයක් ලෙස. මෙය අමාත්‍යාංශ අනුව වැඩසටහන් ගනණාවකට බෙදි නැහැ. එක් යාන්ත්‍රණයක අනු කොටස් ලෙසයි සියල්ල ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා කිසිවෙක් අතර තරඟකාරිත්වයක්, කඹ ඇදිල්ලක් සිදුවිය නොහැකි වගේම තමන්ගේ වගකිම් සීමා කළ නොහැකියි. ඔබ සියලුදෙනා රටේ මුලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට බැඳි සිටිය යුතුයි. එම වැඩපිළිවෙළේදි කේන්ද්‍රස්ථානය වන්නේ මෙම ජනාධිපති කාර්යාලය, ඒ වගේම කැබිනට් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය. මෙම ආයතනවලින් තමයි මේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන්නේ.

තමන්ගේ වැඩකටයුතු දව‍සේ පැය 08කට සීමා වන්නේ නැහැ. ඒ වගේම සතියේ දවස් 05කට සිමා වන්නේ නැහැ. අපි සියලුදෙනා කැපවී වැඩ කරමු. 2023 අවසන් වනවිට මේ රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමින් ඔබ සියලුදෙනාගේ සහය ඇතිව මේ රට ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඡන්දය කල් දාන්න ගහපු ගේම් සියල්ල අවසන්! මේ සතියේ නාමයෝජනා කැඳවනවා! මාර්තු 10ට කලින් ඡන්දෙත් තියනවා! කොමිසමේ සභාපති පුංචිහේවාම කියයි!

Next Post

බාගෙට හෙලුවෙන් තැන් තැන්වල ප්‍රසිද්ධියේ එහේ මෙහේ ගිය ජනප්‍රිය නිළියට වැඩ වරදී!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.