අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ බස්නාහිර උතුර දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර තිබේ.
බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පී. රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි පත් කර ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන පරීක්ෂණ පිළිබදව බරපතළ සැකයක් පැන නැගී ඇති බවට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් සෙනසුරාදා දින එල්ල කළ බරපතළ චෝදනාවෙන් පසු මෙම මාරුකිරීම සිදු කොට ඇත.