ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කායවර්ධන ශූරතාවලියට සහභාගීවීමට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඊට සහභාගීවීමට අවශ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවීම ප්‍රමාදවීම නිසා ඒ අවස්ථාව අහිමිවී ගිය පුවතක් වාර්තා විය.
ලෝක කායවර්ධන ශූරතාවලිය නොවැම්බර් 02 වනදා සිට 07 වනදා දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්වෙයි.
මෙම තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් සුුදුසුකම් ලබාගෙන තිබේ.
එම තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවත්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතපසුවීමක් නිසා මෙම ක්‍රීඩකයින්ට ලෝක කායවර්ධන ශූරතාවලිය නියෝජනය කිරීමට අවස්ථාව අහිමිවී ගිය බවට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය චෝදනා කරයි.










