සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළද ජාතික ගොවීජන එකමුතුව එම ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කළේය.
ඒ අනුව අමාත්‍යවරයා පසුවමාත්‍යවරයා පසුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ අත් වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුවී ඇති බවය.
එහිදී, “ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු වචනයක් අල්ලගෙන. සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන්. පුද්ගලයෙකුට කියලා කියන එක පවුලකට කියලා කියවෙන්න පුළුවන්,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.










