ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් අතර අද (30) විශේෂ නිල හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 11.30ට මෙම රැස්වීම පැවැත්වෙන බව දැනගන්නට තිබේ.
පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට අර්ජුන රණතුංග, රුවන් විජයවර්ධන, දයා ගමගේ සහ ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.
මෙම රැස්වීමේදී කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් සහ යළි පාර්ලිමේන්තුව කැදවීම සම්බන්ධයෙන් සාකච්ජා වනු ඇති බව පැවසේ.







