• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්සත් ශ්‍රී ලංකාවක් හදන්න රනිල් සූදානම් වෙයි! ඔක්කොටම වැඩේට එකතු වෙන්නත් කියයි!

December 4, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපතිගෙ නීතීඥ දිවියට අවුරුදු 50ක්! ෂැංග්‍රිලා හෝටලයේ ලොකු උත්සවයක්! මහින්දලා සම්බන්දන්ලා හකීම්ලා මහින්ද යාපාලා වජිරලා නිමල් සිරිපාලලත් ඇවිල්ලා! ජනාධිපති මාධ්‍ය අංශය කියන විදිහට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාත් ඇවිල්ලා! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලුබේද පසෙකලා 75 වන නිදහස් සංවත්සරය සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිතිවරවයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී නීති වෘත්තිකයින් විසින් සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මෙම අවස්ථාව සලසාදීම පිළිබඳව මම ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙම කටයුතු සම්බන්ධීකරණය කළ රොනල්ඩ් පෙරේරා මහතාට මම ස්තූති කළ යුතුයි. රොනල්ඩ්ට ඔහුගේ පියාට සමාන ලක්ෂණ තිබෙනවා. ඉතින් ඔහුට එක්සත් ජාතික පක්ෂයට වැඩ කිරීමට සිදුවීම පුදුමයක් නොවෙයි.
ඒ වගේම තිලක් මාරපන මහතා, මුලින්ම නීතිපති ලෙසත් පසුව රජයට සම්බන්ධවත් කටයුතු කළා. මම හිතන්නේ ලංකාවේ ජනාධිපති හෝ අගමැති නොවී ආරක්‍ෂක අමාත්‍යාංශය දැරූ එකම පුද්ගලයා ඔහුයි.
මීළඟට මම බොහෝ කලක සිට දන්නා හඳුනන ෆායිස් මහතා ගැන සඳහන් කළොත් මම නීතිඥ වෘත්තියට එනවිට ඔහු එතන සාමාජිකයෙක්. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධව කටයුතු කළ අතර , ඔහුගේ දිගුකාලීන ඇසුර නීතිඥ වෘත්තීයට ඇළුම් කිරීමට මට උපකාරී වුණා. ඒ වගේම රොමේෂ් ද සිල්වා සහ මම අතර තිබෙන්නේ පරම්පරා කිහිපයක සිට පැවත එන සම්බන්ධයක්. අපේ තාත්තලා, සීයලා මිත්‍රයින්. ඒ වගේම එච්. ඩබ්ලිව් ජයවර්ධන මහතා යටතේ තමයි අපි දෙන්නම වැඩ කළේ.
බොහෝ දෙනෙක් මගෙන් අහනවා අවුරුදු 50ම නීති වෘත්තියේ හිටියේ නෑ නේද කියලා. මම කිව්වා නෑ, මම අවුරුදු 50ක් පුහුණුවීම් කළා කියලා. එකම දේ මම අවුරුදු 5කට පස්සේ එච්.ඩබ්ලිව්. ජයවර්ධනගේ කාර්යාලයෙන්, ජේ.ආර්. ජයවර්ධනගේ කාර්යාලයට ගියා. ඒ කාර්යාලය හිටපු කාර්යාලයට වඩා ආකර්ශණීය තැනක් වුණා.
මගේ ජ්‍යෙෂ්ඨයෙක් වන එච්.ඩබ්ලිව්.ජයවර්ධන මැතිතුමාටත්, මම වැඩ කරපු වර්නන් විජේතුංග මැතිතුමාටත්, බදු නීති සහ වානිජ නීති ගැන මට ඉගැන්වූ අම්බෙලවන් මැතිතුමාටත් මම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම දිවංගත තිරුචෙල්වම් මහතාවත් සිහිපත් කළ යුතුයි. ඔවුන් හතර දෙනා තමයි මගේ නීතිඥ වෘත්තීය ජීවිතයට මඟ පෙන්වනු ලැබුවේ. ඒ වගේම නීති විද්‍යාලය තුළත්, නීති පීඨයේදීත් මා සමග සිටී අය සිහිපත් කළ යුතුයි. ඔවුන්ට මගේ ස්තුතිය පිරිනමනවා.
ආර්. ඩබ්ලිව් ලී අභාවප්‍රාප්ත වූ පසු රෝමානු ලන්දේසි නීතිය පිළිබඳ ප්‍රවීණයෙක් වූ මහාචාර්ය නඩරාජාගෙන් මා ඉගෙන ගත්තා. ආචාර්ය මාක් කුරේ, මහාචාර්ය සී.එෆ් අමරසිංහ වැනි තවත් බොහෝ අය අතර තවමත් ජීවතුන් අතර සිටින සාවිත්‍රි, ඒ වගේම නිර්මලා චන්ද්‍රහාසන්, මගේ කථිකාචාර්යවරුන් වුණා. විශේෂයෙන් අපරාධ නීතිය පිළිබඳ මගේ කථිකාචාර්යා වූ ජී. එල් පීරිස් මහතාවත් මම මතක් කරන්න ඕන.
මගේ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස ඔබ හඳුන්වන්නේ ෆායිස් මුස්තාෆා වැනි මා සමග රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කණ්ඩායමයි. නමුත් නීති පීඨයේ මා සමඟ සිටි සමකාලීන්යන්. අගවිනිසුරු ධූරය දක්වා පත්වූ බව මම ඔබට කිව යුතුයි. ඉතින් අපි අතරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත්ම තනතුරු හතරෙන් තුනක්ම තිබුණා. ඒ වගේම විනිශ්චයකාරවරු දෙදෙනෙක් සිටියා.
ඒ වගේම මමත් සමග පාසලේ, විවිධ ආයතනවල, අමාත්‍යාංශවල මෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භයේ හිටපු චරිත ගොඩක් මෙතන ඉන්නවා. ඒ වගේම චීනයේ සූරි රත්නපාල, ඔස්ටින් පුල්ලේ වගේ වෙනත් නීතිමය කටයුතුවල නියැලෙන අය, ජයකුමාර් මහත්තයා වගේ අය මෙන්ම අපිත් එක්ක කටයුතු කරපු පිරිසක් හිටියා. මම ඔවුන්ව ද සිහිපත් කළ යුතුයි.
එච්.ඩබ්ලිව්.ජයවර්ධන මහත්තයා මට කිව්වා නීතියයි, දේශපාලනයයි කියන දෙකෙන් එකක් තෝරගන්න කියලා. මොකද දේශපාලනය කරනවා නම් නීති වෘත්තියේ නියැලෙන්න බෑ කියලා. ඔහුගේ සහෝදරයා මට කිව්වා ඔබ අධිකරණයේ සිටිය යුතු නෑ, නමුත් ඔබට පාර්ලිමේන්තුවේ සිට නීති සම්පාදනය කළ හැකියි කියලා. ඉතින් මම දේශපාලනය තෝර ගත්තා. ඒ වගේම නව සභා ගර්භයට ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි තවත් තරුණ නීතීඥවරුන් කිහිප දෙනෙකුත් ඇතුළත් වුණා. එදා අප ලැබූ අත්දැකීම නීතිය ක්‍රියාත්මක කිරීමේ සිට නීතිය සම්පාදනය කිරීම දක්වා වූ අත්දැකීමක් බව මම කිවයුතුයි .
එදා සී.ඒ.ලැරේන්, ජේම්ස් අල්විස්, රිචඩ් මෝගන් සහ මුතුකුමාරස්වාමි යන මහත්වරුන් ව්‍යවස්ථාදායක සභාවෙහි ආධිපත්‍යය දැරුවා. නීතිඥයින් විසින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු නොකළ පාර්ලිමේන්තුවක් තමයි 1956 මේ රටේ තිබුණේ. බලන්න එදා මොනතරම් ව්‍යසනයක් සිදු වී තිබෙනවද කියලා. එම නිසා සෑමවිටම පාර්ලිමේන්තුව තුළ නීතිවේදීන් සිටිය යුතු වෙනවා.
මට මතකයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට මම සම්බන්ධ වුණා. ඒ වගේම 13 වැනි සංශෝධනය පිළිබඳව ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සමඟ වැඩ කිරීමේ වරප්‍රසාදය ද මට හිමි වුණා.
පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක්වත් නොමැතිව මම ජනාධිපතිවරයා ලෙස පත්වීම විශාල ප්‍රශ්නාර්ථයක් බවට පත්වුණා. නමුත් මම හිතන්නේ අපි දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. රටේ මතුව තිබෙන ආර්ථික ගැටලු විසඳීමට මට දැන් ඔබ සියලුදෙනාගේ සහාය අවශ්‍ය වී තිබෙනවා. මම ආර්ථික විද්‍යාව හදාරන්නේ නැතිව රටේ මූල්‍ය සහ ආර්ථික කටයුතු හසුරවන්නේ කොහොමද කියලා ඇතැමුන් ප්‍රශ්න කරනවා. ඒක ඉතා සරල කාරණයක්. මම එය සිදු කරන්නේ නීතිඥයෙක් විදියටයි.
අපට ඉතා නරක කාලයක් තිබුණා. අපි මේ තත්ත්වය වෙනස් කර ගත යුතුයි. රටේ සමස්ත ඉදිරි ගමන්මග පිළිබඳ තරුණ පරම්පරාව ප්‍රශ්න කරන විට, අපිට ඊටත් වඩා අභියෝගයක් මතුව තිබෙනවා.
අතීතයේ තුවාල සුව කිරීමට හා එය ඔඩු දිවීමට ඉඩ නොතබා ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට දැන් අපිට අවස්ථාව ලැබී තිබෙනවා.
රටේ ජනවාර්ගික ප්‍රශ්නය සහ ආගමික ගැටලු විසඳගන්නේ කෙසේද කියලා පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. රටේ එක්සත්භාවය සහ ඒකාග්‍රතාවය බිඳවැටීමට මෙම තත්ත්වය හේතු නොවිය යුතුයි. මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවුණත් කළ නොහැකි කාර්යයක් නොවෙයි. දේශපාලඥයින් විතරක් නොවෙයි අපි සියලුදෙනාම එකතුවෙලා මෙය ඉටු කළයුතුයි. ඒ නිසා 75 වන නිදහස් සංවත්සරය වන විට අපි හැමෝම එක මවකගේ දරුවන් ලෙස එක් වෙලා මම කටයුතු ඉදිරියට ගෙන යමු කියලා මම සියලුදෙනාට කියන්න කැමතියි.

මේ තුළින් අපිට යම් අවබෝධයක් ලැබෙනවා එකිනෙකාගේ අදහස් ලබා ගැනීමට. එමෙන්ම අද අපි රටක් ලෙස භුක්ති විඳින නිදහස තහවුරු කර ගනිමින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට එය මනා පිටිවහලක් වනු ඇති බවත් මම විශ්වාස කරනවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට මිස කිසිවිටෙක තමන්ව ප්‍රවර්ධනය කිරීමට කටයුතු නොකළ නායකයෙක්. පසුගිය ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වන විට රටේ ඉන්ධන, ගෑස් සහ ඖෂධ සඳහා දිගු පෝලිම් පැවතුනා. නමුත් කෙටි කාලයක් තුළ එම පෝළිම් යුගය අවසන් කිරීමට එතුමාට හැකි වුණා.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උරුම වී ඇත්තේ ස්තුතිවන්ත නොවන රැකියාවක් බව අපි දන්වා. ඔහු පැවසූ පරිදි ඔහුට ටයිටැනික් නෞකාව ලැබී ඇත්තේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් පසුවයි. මේ වසරේ ජුලි 12 වැනිදා ඔහු නීති වෘත්තියේ වසර 50ක් සම්පූර්ණ කරන විට රට තුළ ඇති වූ තත්ත්වය ඊට සාක්ෂි සපයනවා.
ජනාධිපති නීති ෆායිස් මුස්තාපා මහතා
රට මුහුණ පා තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සුදුසුම පුද්ගලයාට අද රට භාරදී තිබෙනවා. එවැනි තෝරා ගැනීමක් සිදු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට අප ස්තූතිවන්ත විය යුතුයි. අපිට විශ්වාසයක් තිබෙනවා ඔබ අපි වෙනුවෙන් බැට් කරන්න හොඳම කෙනා එව්වා කියලා. මේ අවස්ථාවේ දී ජනතාවගේ එකම තේරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතීඥ තිලක් මාරපන සහ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළ අතර නීතිඥ කුෂාන් ද අල්විස් මහතා ස්තුති කතාව කළේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, උදය ගම්මන්පිල, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායකයන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022.12.04

SendShareShare
Previous Post

අපරාධයක්ද? ඝාතනයක්ද? සියදිවි නසා ගැනීමක්ද! නිවසේ එල්ලෙමින් තිබූ පේරාදෙණි වෛද්‍යවරියගේ සිරුර පොලිසියෙන් හොයාගනී!

Next Post

කල් දාන්න දෙන්නේ නෑ! අනිවාර්යයෙන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය තියනවා! මම කියපු දෙයක් වැරදුණේ නෑ කියලා ඔන්න අමරවීර කියනවා! (VIDEO)

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.