මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක විසින් මාධ්‍ය වෙත සිදුකරන ප්‍රකාශ සම්බන්ධව ලංවිම ඉංජිනේරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ, එහි සම ලේකම් ධම්මික විමලරත්නගේ අත්සනින්.
ඔවුන් පවසන්නේ පසුගිය කාලය තුළ සමාජ මාධ්‍ය මෙන්ම අනෙකුත් මාධ්‍ය තුළ විදුලිබල මණ්ඩලයෙහි සේවකයින්ගේ වැටුප් හා ප්‍රතිලාභ සම්බන්ධයෙන් වැරදි මත සමාජ ගත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් නිරීක්ෂණය කළ බවයි. එම ක්‍රියාවලිය විදුලි ඉංජිනේරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් කෙරෙහි සමාජයේ අප්‍රසාදයක් හා වෛරයක් ඇති කිරීම සඳහා ඇතැම් පාර්ශවයන් විසින් සංවිධානාත්මකව සිදුකරන ලද ක්‍රියාවලියක එක් පියවරක් ලෙස ඔවුන් සලකනවා.
දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙත ලබාදෙන සියලු වැටුප් හා වරප්‍රසාද ඔවුන් විසින් සිදු කරන විශේෂිත වූ කාර්යයන් මෙන්ම ඒ වෙනුවෙන් ලබාගෙන ඇති විශේෂිත නිපුණතාවයන් පදනම් කොට අනෙකුත් ආයතන වල එවැනි වූ කාර්යයක් සඳහා සිදුකරන ගෙවීම් හා සමගාමීව ලබා දී තිබෙන බවයි ඉංජිනේරු සංගමය කියන්නේ. මහජන උපයෝගීතා කොමිසම මඟින් මෑතක දී නිකුත් කරන ලද විදුලි අය ක්‍රමය පිළිබඳ තීරණය දැනුම් දීමේ වාර්තාව මගින් පවා විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප් කලාපයේ සම්මත අගයන් තුළ පවතින බව පැහැදිලිව දක්වා තිබූ බව ඔවුන් පවසනවා.
“විදුලිය සමඟ ජිවිත අවධානමෙන් දිවා රෑ අව් වැසි නොතකා මහජනයාට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට කැප වෙන ලංවිම සේවකයින්ගේ කැපවීමට නිගා කරමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා විසින් සේවක වැටුප් හා වරප්‍රසාද සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කරන ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව ලංවිම සමස්ත සේවකයින් වෙනුවෙන් අපගේ දැඩි අප්‍රසාදය පළකර සිටිමු.
ඔහුගේ ප්‍රකාශයක් හේතුවෙන් දැනට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වී ලංවිම විශ්‍රාම ක්‍රමය මෑත කාලයේ ආරම්භ වුවක් නොවන අතර 1980 කාලයේ සිට පැවත එන්නකි. එමෙන්ම EPF සමඟ ලංවිම මෙන් දෙගුණයක් පමණ විශ්‍රාම වැටුපක් ලබා දෙන රාජ්‍ය ආයතන ගණනාවක් ඇත. ජනක රත්නායක මහතා සදහන් කළ ආකාරයට ඒ පිළිබඳව අධ්‍යනයක් සිදු කිරීමට අවශ්‍ය නම් එවැනි රාජ්‍ය ආයතන ලැයිස්තුවක් පවා ලබා දීමට අපට හැකිය. මෙය පුද්ගලික අංශයේ ආයතන වලට පවා ආගන්තුක කාරණයක් නොවේ.
පාර්ලිමේන්තුව විසින් විශේෂිත වූ අරමුණක් වෙනුවෙන් ස්ථාපිත කර ඔවුනට පවරා ඇති බලතල ප්‍රකාරව ස්වාධීනව කටයුතු කළ යුතු කොමිෂන් සභාවක සභාපතිවරයකු ලෙස ජනක රත්නායක මහතා විසින් සිදුකරන මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ අපි තරයේ හෙලා දකිමු. මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදු කළ යුතුව ඇත්තේ තමන්ගේ නියාමනයට යටත් වන ආයතන තුල යම් අනර්ථදායක කටයුත්තක් සිදු වේ නම් ඔවුන්ට පැවරී ඇති පුළුල් බලතල භාවිතා කර එය නිවැරදි කිරීම මිස එම ආයතන පිලිබදව සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් සමාජයේ අපකීර්තියක් ඇති කිරීම නොවන බව අපි අවධාරණය කර සිටිමු.
අපගේ කලාපයද ඇතුළුව ලෝකයේ අනෙකුත් රටවල මෙවැනි කමිෂන් සභා ඉතා ගෞරවනීය ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර ඒවායේ සාමාජිකයෙක් විනිසුරුවරයන්ගේ තත්ත්වයෙහිලා කටයුතු කරයි. එබැවින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිට වූ මුල් කාලයෙන් පසු එහි සාමාජිකයින් මෙන්ම ජේෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම ගෞරවනීය තත්වය ආරක්ෂා කිරීමට නොහැකි වීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
කෙසේ වෙතත් අප දීර්ඝ කාලයක් තිස්සේ අප විසින් පෙන්වා දුන් මෙවැනි බාරදූර තනතුරු සඳහා නිසි සුදුසුකම් සහිත වගකිවයුතු වෘත්තිකයින් තෝරා ගැනීමේ වැදගත්කම තවදුරටත් සනාථ කිරීම පිළිබඳව ජනක රත්නායක මහතාට අපගේ ස්තුතිය පුද කර සිටින අතර අප සංගමය ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින්නේ බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කිරීමට සූදානම් වන මෙම තීරණාත්මක අවස්ථාවේ එම ක්ෂේත්‍රය අගාදයකට වැටීම වැලැක්වීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවද නිසි පරිදි ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කරන ලෙසයි” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වෙනවා.