ලබන සදුදා සහ අගහරුවාදා දිනවල ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත cop 27 දේශගුණික විපර්යාස සමුලුව සදහා ලොව ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් රැසක් සහභාගී නොවන බව මේ වනවිට තහවුරු කොට ඇත.
ඒ අතර කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ චීන ජනාධිපති ෂී ජින්පින්ද සිටිති.
කෙසේවෙතත් යුරෝපා කලාපයේ රාජ්‍ය නායකයන් ඊට සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්ද පවසා සිටියේ රටේ පවතින ආර්ථික ගැටලු හේතුවෙන් හෙතෙම ඊට සහභාගී නොවන බවකි.
ආර්ජන්ටිනා, ජපාන, දකුණු කොරියා, මෙක්සිකෝ සහ තුර්කි නායකයන්ද ඊට සහභාගී නැත. ඉන්දුනීසියාව උප ජනාධිපති මට්ටමින් නියෝජනය කරනු ඇත.
මීට අමතරව රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින්ද ඊට සහභාගී නොවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී ඊට සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.










