• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආවා… ආවා… බැසිල් ආවා… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

June 26, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
ආවා… ආවා… බැසිල් ආවා… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

‘යූඑන්පිය ආවොත් ආර්ථිකය හදනවා… ශ්‍රීලනිපය ආණ්ඩුව කරන්න ගත්තොත් ආර්ථිකය විනාශ වෙනවා…’

මේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ කියමනකි. මොකද ඩී. එස්.ගේ කාලයේ සිටම වරින්වර බලයට පත්වුණු එජාප ආණ්ඩුව මේ රටේ ආර්ථිකයට දැනෙන දෙයක් කොට රට ආර්ථිකමය වශයෙන් විශාල වශයෙන් ඉදිරියට අරන් ගියේය. බණ්ඩාරනායකගේ කාලයේ ඉඳන් පැවැති ශ්‍රීලනිප ආණ්ඩු තමන්ගේ අන්තිම අවුරුද්ද දෙක ගතකරන විට රටේ ජනතාවට ආර්ථික අමාරුකම්වලට මුහුණ දීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබිණි.

‘යූඑන්පී ආණ්ඩු මොනවා හරි කරලා රටේ ආර්ථිකය නග්ගනවා…’

යූඑන්පියත් එදා සිටම මේ රටේ මිනිසුන්ගේ ඔළුවලට මතුරලා තිබුණු මන්තරය ඒකය.

හැබැයි මේ මන්තරයේ බලය බිඳලා මිනිසුන්ගේ ඔළුවලට කවලා තිබුණු අදහස බිඳලා දැම්මේ වෙන කවුරුවත් නොවේ බැසිල්ය.

2005 ජනාධිපතිවරණය දිනලා මහින්ද මුදල් ඇමැති විදියට රාජකාරි කළාට ආර්ථිකය හදන වැඩේ බාර දී තිබුණේ බැසිල්ටය. මහින්ද බැසිල්ට ආර්ථිකය හදන වැඩේ බාර දුන්නේම ලොකු ප්ලෑන් එකක් ඔළුවේ තියාගෙනය. ඒ ප්ලෑන් එක වෙන මොකක්වත් නොව යුද්ධය යුද්ධයෙන්ම ඉවර කරන එකය. ඒ වැඩේ එච්චර ලේසි නැති බව මහින්ද දැනගෙන හිටියේය. මොකද ඒ වන විටත් රටේ ආර්ථිකය තිබුණේ එතරම් හොඳ තත්ත්වයක නොවේ. ඉතින් එහෙම තැනක ඉඳන් යුද්ධයත් පටන් ගන්න සැලැසුම් කරනවා කියන එකම අතිශය දුෂ්කර කටයුත්තකි. කොටින්ම කරන්න බැරි වැඩකි.

මොකද යුද්ධයක් පටන් අරන් ඒක දිනන්න නම් නවීන අවි ආයුධ වුවමනාය. නිකම් ගල්කටස් තුවක්කු අතේ තියන් ගිහින් යුද්ධයක් දිනන්න බැරිය. අති නවීන යුද ආයුධ මිලට ගන්න බිලියන ගණන් සල්ලි වුවමනාය. එහෙම සල්ලි හොයන්න නම් රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්න වුවමනාය. ඉතින් මහින්ද ඒ ශක්තිමත් ආර්ථිකයක් හදලා යුද්ධය කරන්න ඕන තැනට භාණ්ඩාගාරය පුරවලා දෙන වැඩේ බාර කළේ තමන්ට ඉන්න අතිශය විශ්වාසවන්ත පුද්ගලයකු වන බැසිල්ටය.

ඒ වෙලාවේ බැසිල් ආර්ථිකය බාර ගත්තෙත් මේ සියල්ල දැනගෙනය. යුද්ධය සල්ලි ගිලින මැෂිමක් බව බැසිල් තේරුම්ගෙන සිටියේය. යුද්ධය අවසන් කරන්න නම් කොටි ගහන මිසයිල විනාශ කරන්න ‘ඇන්ටි මිසයිල්’ හෙවත් මිසයිල නාශක අවශ්‍ය බව බැසිල් දැනඋන්නේය. කොටින්ගේ ගුවන් හමුදාව උඩින් ඇවිත් කොළඹට බෝම්බ අතාරිද්දී ඒ යානා විනාශ කරන්න ගුවන් යානා නාශක බෝම්බ අවශ්‍යව තිබිණි. කොටින්ගේ බංකර් විනාශ කරන්න ‘බංකර් බස්ටර්’ බෝම්බ වුවමනා විය. මල්ටි බැරල්, රොකට් ලෝන්චර් ඕනෑ විය. අවුරුදු තුනකට සෑහෙන විදියට උණ්ඩ අවශ්‍ය විය. හැබැයි මේ සියල්ල කරන අතරවාරයේ ජනතාවට පීඩනයක් දිය නොහැකි බවද බැසිල් වටහාගෙන සිටියේය.

‘බැසිල්ට පුළුවන්ද මේක කරන්න. බැසිල් මොනවද ආර්ථිකය ගැන දන්නේ… මහින්ද මේ හදන්නේ අපි අමාරුවෙන් හදලා දුන්නු ආණ්ඩුව විනාශ කරන්න…’

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ එදා බැසිල්ට ආර්ථිකය බාර දීම අහුමුලුවල ඉඳගෙන විවේචනය කළේ එහෙමය.

‘දෙවැනි ලෝක යුද්ධ කාලෙ ජීවත් වුණා වගේ බජිරි කාලා ජීවත් වෙන්න සූදානම් වෙන්න…’

ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව කොළඹ මේ විදියට පෝස්ටර් ගැහුවේ ඒ නිසාය.

‘ආණ්ඩුවට සල්ලි නෑ… ඒ අයට දිගටම මේ විදියට යුද්ධය අල්ලාගෙන ඉන්න බෑ… මගදී සල්ලි නෑ කියලා යුද්ධය අතාරිනවා…’

ප්‍රභාකරනුත් හිතන් හිටියේ එහෙමය.

හැබැයි ඔක්කොම හොල්මන් කරමින් මහින්ද බාර දුන් මේ අසීරු කාර්යය කවුරුවත් නොහිතපු විදියට තමන්ගේම ආර්ට් එකකට අනුව බැසිල් කරලා පෙන්නුවේය.

යුද්ධය කරගෙන යද්දී හමුදාව ඉල්ලන්නේ මොන ආයුධයද, ලෝකේ කොහෙන් හරි ඒ ආයුධය ගෙනත් දෙන්න බැසිල් කටයුතු කළේය. එහෙම යුද්ධයට සල්ලි විසි කළා කියා රටේ ජනතාව බඩගින්නේ තියන්නට, ජනතාවට දුක් විඳින්න දෙන්න බැසිල් කටයුතු කළේ නැත. යුද්ධය කරගෙන යන අතරවාරයේදීම රටේ සංවර්ධනයත්, ගමේ සංවර්ධනයත් සිදු කළේය. රටට අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකර දුන්නේය. රටේම පාරවල් ටික කාපට් කළේය. සංවර්ධන ව්‍යාපෘති දියත් කළේය.

අලි මදිවට හරක් කිව්වා වගේ යුද්ධය ඉවර කරන්න වසරක් තියා 2008 අවුරුද්දේ ලෝක ආර්ථික අවපාතයක්ද ආවේය. මේ ලෝක ආර්ථික අර්බුදය කොතරම් දරුණු වූවාද කියනවා නම් බලවත් කියපු සියලු රටවල් මේ ලෝක ආර්ථික අර්බුදයෙන් හෙල්ලී ගියේය. ඇමෙරිකාව පවා හතරගාතේ දා බිම ඇද වැටුණි.

සාමාන්‍යයෙන් ලෝකෙට හෙම්බිරිස්සාව හැදෙද්දී ලංකාවට නිව්මෝනියාව හැදෙන බව ජනප්‍රිය කියමනකි. කතාවට එහෙම කිව්වාට බැසිල් ඒ තත්ත්වය ලංකාවට බලපාන්න ඉඩ තිබ්බේ නැත. යුද්ධය කරන අතරවාරයේ ලෝක ආර්ථික අවපාතයේ බලපෑමෙන් ලංකාව ගලවා ගන්නටත් බැසිල් සැලැසුම් සකස් කළේය.

ඒකේ අවසන් ප්‍රතිඵලය වුණේ 2009 යුද්ධය අවසන් කරන්නට සැලැසුම් කළ පරිදිම මහින්දට අවස්ථාව හිමි වීමය. හැබැයි යුද්ධය දින්නත් යුද්ධෙ වෙනුවෙන් වැය කළ සල්ලි කන්දරාවේ ණය බේරන්න ආණ්ඩුවට සිදුව තිබිණි. හැමෝම හිතුවේ ඒ ණය ගෙවද්දී ජනතාවට පාන් කියාගන්නවත් බැරි තත්ත්වයක් ඇති වේ යැයි කියාය. ඒත් බැසිල් ඒ බර ජනතාවගේ කරපිටට පැටවූයේ නැත. ණය ගෙවන අතරේ ගමේ සංවර්ධන කටයුතු පටන් ගත්තේය. ‘දිවි නැඟුම’ ආරම්භ කළේය. ‘මග නැගුම’ දිගටම අරගෙන ගියේය. ‘එක ගමකට එක් වැඩක්’ දියත් කළේය. සමෘද්ධිය හරහා ගමේ ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කළේය. ගමේ පාරවල් කාපට් කළේය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මැද ගමට දැනෙන සුළු පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකළේය.

මෙහෙම වැඩ කරගෙන යද්දී වරක් ලෝක බොරතෙල් බැරලයක මිල අසාමාන්‍ය ලෙසින් ඉහළ යෑමට පටන් ගත්තේය. ඒ මිල ගණන්වලට අනුව ලංකාවේ තෙල් මිල ඉහළ දාන්න ගියහොත් ආණ්ඩුව විතරක් නොව රටත් ඉවර වෙන බව බැසිල් තේරුම් ගත්තේය. ඒ අනුව බැසිල් කළේ චීනෙට ගිහින් ලංකාවේ තෙල් මිල අඩු කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමය. එහි ප්‍රතිඵලයක් වූයේ චීන ජනාධිපති ලංකාවට පැමිණ පෝර්ට් සිටියට මුල්ගල තියන අතරවාරයේ ලංකාවේ තෙල් මිල අඩු කිරීමට කටයුතු කරන බවට පොරොන්දුවක් දීමය. ඒ කිව්වා වාගේ ලංකාවේ තෙල් මිල අඩු විය.

මේ විදියටම 2010න් පසු තවත් අවස්ථාවකදී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ඉල්ලුම් කර තිබිණි. නමුත් ඒ වෙලාවේ යුද්ධය කරද්දී ලංකාවේ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ණය දෙන ආයතන ලංකාවට ණය ලබා දීම ප්‍රතික්‍ෂේප කර තිබිණි. ඒ වෙලාවෙත් බැසිල් ඉන්දියාවට ගිහින් එහි ප්‍රධානීන් සමග සාකච්ඡා කොට අදාළ ණය මුදල ලබා ගැනීමට පියවර ගත්තේය.

රටට අමාරුම කාලවලදී රට ගොඩගන්න බැසිල් වැඩ කළේ ඒ විදියටය. එදා වගේම අදත් රට පත්ව තියෙන්නේ, ආර්ථික අර්බුදයකටය.

‘අපිට තෙල් ගෙන්වන්න ඩොලර් නෑ… පොහොර ගේන එක නැවැත්තුවෙත් ඒකයි, අද රට ඩොලර් හිඟයකට මුහුණ දීලයි තියෙන්නේ…’

ආණ්ඩුවේ මැති ඇමැතිවරුම අද ප්‍රසිද්ධියේ මේ වගේ කතා කියති.

‘කෝ බැසිල්… බැසිල් සිටියා නම් මෙහෙම තෙල් මිල වැඩි වෙන්නේ නෑ…’

ආණ්ඩුවේ මැති ඇමැතිවරු එහෙමත් කියති. පොහොට්ටු පාක්‍ෂිකයන්ද අද කියන්නේ ඒ කතාවමය.

‘බැසිල් එනවා… ආර්ථිකයට සම්බන්ධ ලොකු තනතුරකුත් බැසිල්ට දෙනවා…’

සමහර වෙබ්අඩවිවල එහෙම ප්‍රවෘත්තිත් පළ වී තිබෙන බව දැකගන්නට ඇත.

‘ඒ කියන විදියට බැසිල් ආපහු ඇවිත් ගිය පාර ගොඩදැම්මා වාගේ මේ පාරත් රට ගොඩදාවිද?’

ඒක දැන්තියා කියන්න බැරිය. හැබැයි ආණ්ඩුවේ ඉන්න සමහර සුළු පක්‍ෂයි, විපක්‍ෂයයි බැසිල්ගෙ නම කියැවෙන කොටත් දැන් තියා බය වී ඇති ආකාරයක් නම් පැහැදිලිවම දැකගන්නට ඇත්තේ බැසිල්ගේ තරම දන්නා නිසා විය යුතුය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

අත-පය ‌බැඳ හිසට වෙඩි 2ක් තැබූ සිරුරක් කැලණි ගඟේ!

Next Post

මාධ්‍ය නිසා මම බේරුණා! නැත්නම් මාව මරනවා!! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.