අද (24) දිනයේදී ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට හදිසි මෝසමක් ගෙන ඒමට සැලසුම් කර ඇත්තේ 20 වන සංශෝධන කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු වීම වළකා ගැනිමේ අරමුණින් බව දැනගන්නට තිබේ.
යම් හෙයකින් මෙම කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කෙරුණහොත් ඊට සංශෝධන සිදුකිරීමට එම අවස්ථාවේදී පවා අවස්ථාව හිමි වේ.
ඒ අනුව ආණ්ඩුව තීන්දු කොට ඇත්තේ හදිසි මෝසමක් ඉදිරිපත් කොට එම අවස්ථාව මගහරවා ගැනීමට බව දැනගන්නට තිබේ.
ඒ හේතුවෙන් අද දිනයේදී සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට රැස්වීමට පැමිණීම අනිවාර්ය කොට ඇත.
කෙසේවෙතත් ආණ්ඩුවේ මෙම පියවරට එරෙහිව විපක්ෂය විරෝධය පළ කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.